Day: January 11, 2022

Paracetamol, aspirin මිළදී ගැනීමේදී Coles වෙතින් නව සීමා

Coles විසින් භාණ්ඩ මිලදී ගැනීම්වලට අදාළව තවත් සීමා කිහිපයක් පණවා තිබෙනවා. ඒ අනවශ්‍ය ලෙස මිළදී ගැනීම් වළක්වාලීමට සහ භාණ්ඩ හිගයක් ඇති නොවීම සඳහායි. මේ අනුව අද රාත්‍රියේ සිට paracetamol, ibuprofen, aspirin මිළදී ගැනීමේදීත් නව සීමා පණවා තිබෙනවා. එක් පාරිභෝගිකයෙකුට අදාළ ද්‍රව්‍යවලින් එක් අවස්ථාවකදී මිළදී ගැනීමට හැකිවනුයේ පැකට් 02 ක් පමණයි. මස් නිෂ්පාදන සහ ටොයිලට් පේපර් මිළදී ගැනීමේදීද උපරිම සීමා පැණවීමටයි පසුගියදා තීරණය කලේ. Coles නව සීමා : https://www.coles.com.au/covid19#packlimits

Read More »

බටහිර ඔස්ටේ්‍රලියා එන්නත් ඇප්ලිකේෂනය සංකීර්ණ බවට චෝදනා

එන්නත්කරණ තොරතුරු සහ කොවිඩ් අවධානම් ස්ථාන පිළිබඳ දැනුම් දීමේ අරමුණින් බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය විසින් නව ජංගම දුරකථන ඇප්ලිකේෂනයක් අද හඳුන්වාදෙනු ලැබුවා. කෙසේවෙතත් එය භාවිත කිරීම දැඩි අසීරු බවටයි පරිශීලකයන් චෝදනා කර ඇත්තේ. ServiceWA යෙදවුම බාගත කර භාවිත කිරීම සඳහා අවම වශයෙන් විනාඩි 30 ක් පමණ ගතවූ බවටද ඔවුන් චෝදනා කර තිබෙනවා. මෙම ඇප්ලිකේෂනය භාවිත කිරීමට පෙර ඔබේ අනන්‍යතාවයද තහවුරු කල යුතු වනවා. ServiceWA ඇප්ලිකේෂනය භාවිත කරන අයුරු පහතින්.

Read More »

Ambulance Victoria සතියක් තුළ දෙවන වරටත් “code red” තත්වයක

සතියක් තුළ දෙවන වරටත් Ambulance Victoria විසින් “code red” තත්වයක් අද අලුයම නැවතත් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ මෙල්බන් නාගරික කලාපය තුළ ගිලන් රථ සඳහා අධික ඉල්ලුමක් හට ගැනීමත් සමගයි. පැය 03 කට ආසන්න කාලයක් මෙම තතවය පැවති අතර ගිලන් රථ සැපයීමේ කිසියම් ප්‍රමාදයක් පැවතිය හැකි බවයි Ambulance Victoria අවධාරණය කරන්නේ. ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 37,994 ක් හමුව ඇත. මරණ 13 ක් ද වාර්තා විය​. මේ

Read More »