Day: January 11, 2022

ලොව පළමු වරට ඌරෙකුගේ හදවතක් මිනිසෙකුට බද්ධ කෙරේ

ජානමය වශයෙන් වෙනස් කරන ලද ඌරෙකුගේ හදවතක් බද්ධ කළ ලොව ප්‍රථම පුද්ගලයා බවට එක්සත් ජනපද ජාතිකයෙකු පත්ව තිබෙනවා. පැය 07ක් පුරා සිදුකරන ලද පර්යේෂණාත්මක ශල්‍යකර්මයෙන් පසු හදවත බද්ද කිරීමට ලක්වූ 57 හැවිරිදි ඩේව්ඩ් බෙනට් මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි වෛද්‍යවරුන් පවසන්නේ. මෙම ශල්‍යකර්මය බැල්ටිමෝර් හිදී සිදුකර ඇති අතර එය සිදුකර මේ වන විට පැය 72ක කාලයක් ගතවී අවසන් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන්ට මෙම ශල්‍යකර්මය සිදුකිරීම සඳහා

Read More »

KFC – Mcdonalds ආහාර වට්ටෝරු රැසක් තාවකාලිකව ඉවතට

කොවිඩ් තත්වය හමුවේ සැපයුම් අඩාලවීමෙන් සිය සේවා පවත්වාගෙන යාමේ ගැටලු රැසක් උද්ගතවී ඇතැයි KFC – Mcdonalds ක්ෂණික ආහාර අවන්හල් ජාල පවසනවා. විශේෂයෙන් බෙදා හැරීම් මධ්‍යස්ථානවල සේවක හිගතාවයත් නිෂ්පාදන අඩාලවීමත් හමුවේ ඉල්ලුම සපුරාලීම අසීරු වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. එමෙන්ම සුපිරි වෙළඳසැල්වල කටයුතු අඩාලවීමද තමන්ට සෘජුව බලපෑම් එල්ල කර ඇති බවයි බළධාරීන් පවසා සිටින්නේ. මේ අනුව තම ඇතැම් ආහාර වට්ටෝරු තාවකාලිකව ඉවත් කිරීමටද සිදුවී ඇතැයි ඔවුන් ප්‍රකාශ කරනවා. මස් නිෂ්පාදන මිළදී ගැනීමේදී සීමා පැණවීමට සුපිරි

Read More »

වික්ටෝරියා සෞඛ්‍ය සේවකයන් 4,000 ක් කොවිඩ් ආසාධිතයන් හෝ ආශ්‍රිතයන් වෙයි

කොවිඩ් ආසාධිතයන් හෝ ආශ්‍රිතයන් බවට පත්වීම හමුවේ වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවකයන් 4000 කට ආසන්න පිරිසකට සේවයට වාර්තා කිරීමට නොහැකි වී ඇතැයි ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් පවසනවා. රෝහල් සේවකයන් 3392 ක් සහ ගිලන් රථ කාර්ය මණ්ඩල 422 ක් ඒ අතර වන බවයි ඔහු කියාසිටියේ. කෙසේවෙතත් මීට වඩා වැඩි පිරිසක් සේවයට වාර්තා කර නොමැති බවටද තොරතුරු පවතින බවයි අගමැතිවරයා සඳහන් කලේ. මේ අතර වයස අවුරුදු 05 ත් 11 ත් අතර දරුවන් එන්නත්කරණය සඳහා ලියාපදිංචි කිරීම් ආරම්භ කල

Read More »

නඩුවෙන් දිනුවත් ජොකොවික් ගේ වීසා අවලංගුවීමේ අවධානම තවමත්

අධිකරණ නියෝගයට අනුව කිසිදු බාධාවකින් තොරව ඔස්ටේ්‍රලියා විවෘත ටෙනිස් තරගාවලියට සහභාගීවීමේ අවස්ථාව ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික් ට ලැබී තිබෙනවා. ඔහු සහභාගීවන පළමු තරගය යෙදී ඇත්තේ ලබන 17 වනදාටයි. නඩු විභාගයෙන් ජය ලැබුවද ඕස්ට්‍රේලියානු ආගමන විගමන අමාත්‍ය Alex Hawke ගේ පුද්ගලික තීරණය මත ජොකොවික් ගේ වීසා අවලංගු කල හැකි බවට මේ වනවිට සැක මතුව තිබෙනවා. මෙලෙස නොවැක් ජොකොවික් ගේ වීසා අවලංගු කිරීම සිදු වුවහොත් වසර 3ක කාලයක් ඔස්ට්‍රේලියාවට නැවත පැමිණීමට හැකියාවක් නොමැති වනු

Read More »

ඊයේ වික්ටෝරියාවේ කොරෝනා ආසාදිතයින්ක් 37,994ක්! NSW ප්‍රාන්තයෙන් 25,870ක්!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 37,994 ක් හමුව ඇත. මරණ 13 ක් ද වාර්තා විය​. මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 171,369 කි. ඊයේ දිනයේදී (10) වික්ටෝරියා ප්‍රාන්තය තුළ PCR කොරෝනා පරීක්ෂණ 59,670 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 16,433 ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1480660761663840259?s=20 නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (10) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 25,870 ක් වාර්තා වි තිබේ. දැනට 2,186 දෙනෙකු

Read More »