වික්ටෝරියා සෞඛ්‍ය සේවකයන් 4,000 ක් කොවිඩ් ආසාධිතයන් හෝ ආශ්‍රිතයන් වෙයි

කොවිඩ් ආසාධිතයන් හෝ ආශ්‍රිතයන් බවට පත්වීම හමුවේ වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවකයන් 4000 කට ආසන්න පිරිසකට සේවයට වාර්තා කිරීමට නොහැකි වී ඇතැයි ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් පවසනවා.

රෝහල් සේවකයන් 3392 ක් සහ ගිලන් රථ කාර්ය මණ්ඩල 422 ක් ඒ අතර වන බවයි ඔහු කියාසිටියේ.

කෙසේවෙතත් මීට වඩා වැඩි පිරිසක් සේවයට වාර්තා කර නොමැති බවටද තොරතුරු පවතින බවයි අගමැතිවරයා සඳහන් කලේ.

මේ අතර වයස අවුරුදු 05 ත් 11 ත් අතර දරුවන් එන්නත්කරණය සඳහා ලියාපදිංචි කිරීම් ආරම්භ කල ඊයේ දිනයේදී පමණක් 39,000 කට ආසන්න වේලාවන් වෙන් කිරිම් ලැබුණු බවයි ඩැනියල් ඇන්ඩෲස් පවසා සිටියේ.

ප්‍රාන්තයේ එන්නත්කරණ වැඩපිළිවෙල වෙනුවෙන් අමතර ඩොලර් මිලියන 04 ක ප්‍රතිපාදන වෙන් කර ඇති බවද අගමැතිවරායා මෙහිදී අනාවරණය කලා.

වික්ටෝරියා පාසල් ආශ්‍රිතව එන්නත්කරණ මධ්‍යස්ථාන 30 ක් පිහිටුවීමටද සැළසුම් කර තිබෙනවා.

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »