නඩුවෙන් දිනුවත් ජොකොවික් ගේ වීසා අවලංගුවීමේ අවධානම තවමත්

අධිකරණ නියෝගයට අනුව කිසිදු බාධාවකින් තොරව ඔස්ටේ්‍රලියා විවෘත ටෙනිස් තරගාවලියට සහභාගීවීමේ අවස්ථාව ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික් ට ලැබී තිබෙනවා.

ඔහු සහභාගීවන පළමු තරගය යෙදී ඇත්තේ ලබන 17 වනදාටයි.

නඩු විභාගයෙන් ජය ලැබුවද ඕස්ට්‍රේලියානු ආගමන විගමන අමාත්‍ය Alex Hawke ගේ පුද්ගලික තීරණය මත ජොකොවික් ගේ වීසා අවලංගු කල හැකි බවට මේ වනවිට සැක මතුව තිබෙනවා.

මෙලෙස නොවැක් ජොකොවික් ගේ වීසා අවලංගු කිරීම සිදු වුවහොත් වසර 3ක කාලයක් ඔස්ට්‍රේලියාවට නැවත පැමිණීමට හැකියාවක් නොමැති වනු ඇති බවටද මත පළවනවා.

34 හැවිරිදි සර්බියානු ජාතික ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික් ඕස්ට්‍රේලියාවට ඇතුළුවීමේ අවශ්‍යතා සපුරාලීමට අපොහොසත් වීම හේතුවෙන් පසුගිය බ්‍රහස්පතින්දා මෙල්බර්න් වෙත පැමිණීමෙන් අනතුරුව වීසා තාවකාලිකව අවලංගු කෙරුණා.

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »