Search

KFC – Mcdonalds ආහාර වට්ටෝරු රැසක් තාවකාලිකව ඉවතට

කොවිඩ් තත්වය හමුවේ සැපයුම් අඩාලවීමෙන් සිය සේවා පවත්වාගෙන යාමේ ගැටලු රැසක් උද්ගතවී ඇතැයි KFC – Mcdonalds ක්ෂණික ආහාර අවන්හල් ජාල පවසනවා.

විශේෂයෙන් බෙදා හැරීම් මධ්‍යස්ථානවල සේවක හිගතාවයත් නිෂ්පාදන අඩාලවීමත් හමුවේ ඉල්ලුම සපුරාලීම අසීරු වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම සුපිරි වෙළඳසැල්වල කටයුතු අඩාලවීමද තමන්ට සෘජුව බලපෑම් එල්ල කර ඇති බවයි බළධාරීන් පවසා සිටින්නේ.

මේ අනුව තම ඇතැම් ආහාර වට්ටෝරු තාවකාලිකව ඉවත් කිරීමටද සිදුවී ඇතැයි ඔවුන් ප්‍රකාශ කරනවා.

මස් නිෂ්පාදන මිළදී ගැනීමේදී සීමා පැණවීමට සුපිරි වෙළඳසැල් ගණනාවක් දැනටමත් පියවර ගෙන තිබෙනවා.

https://www.9news.com.au/national/coronavirus-food-shortage-updates-kfc-affected-nsw-farmers-call-for-rapid-antigen-tests-supermarkets-empty-shelves/b1dac67d-ab52-4304-9dbc-21f5b9a06f93

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »