Ambulance Victoria සතියක් තුළ දෙවන වරටත් “code red” තත්වයක

සතියක් තුළ දෙවන වරටත් Ambulance Victoria විසින් “code red” තත්වයක් අද අලුයම නැවතත් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ මෙල්බන් නාගරික කලාපය තුළ ගිලන් රථ සඳහා අධික ඉල්ලුමක් හට ගැනීමත් සමගයි.

පැය 03 කට ආසන්න කාලයක් මෙම තතවය පැවති අතර ගිලන් රථ සැපයීමේ කිසියම් ප්‍රමාදයක් පැවතිය හැකි බවයි Ambulance Victoria අවධාරණය කරන්නේ.

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 37,994 ක් හමුව ඇත.

මරණ 13 ක් ද වාර්තා විය​.

මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 171,369 කි.