ටෙනිස් ක්‍රීඩිකාවකද ඔස්ටේ්‍රලියා දේශ සීමා නිළධාරින් භාරයට

ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගීවීම සඳහා පැමිණි ටෙනිස් ක්‍රීඩිකාවකද ඔස්ටේ්‍රලියානු දේශ සීමා ආරක්ෂක නිළධාරින් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

චෙක් රාජ්‍යය නියෝජනය කරන රෙනාටා වොරකෝවා ගේ වීසා බලපත්‍රයද අවලංගු කර ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කලේ.

පසුගිය මාස 06 ඇතුළතදී තමන්ට කොවිඩ් වැළඳුණු බැවින් එය එන්නත්කරණයෙන් වැළකී සිටීමට හේතුවක් ලෙස දක්වමිනුයි ඇය ඔස්ටේ්‍රලියා වීසා ලබාගෙන තිබුණේ.

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික් විසින්ද එම හේතුව ඉදිරිපත් කර තිබු නමුත් ඔස්ටේ්‍රලියා සංක්‍රමණ අංශ විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

මොවුන් දෙදෙනාම මේ වනවිට මෙල්බන් නුවර එකම රැඳවුම් මධ්‍යස්ථානයක රඳවනු ලැබ සිටින අතර ජොකොවික් විසින් පවරන ලද නඩුව ලබන සඳුදා යළි විභාග කිරීමට නියමිතයි.

https://wwos.nine.com.au/tennis/renata-voracova-detained-by-border-force-australian-open-tennis-news/613d2c83-c920-4c36-9305-df29749317f2

මොල්බන් ඇවිත් නිවාස සොරකමේ ගිය අයර්ලන්ත ජාතිකයින් තිදෙනා අත්අඩංගුවට

මෙල්බර්න් නගරය ආශ්‍රිත සිදුවූ සොරකම් 60 කට අදාළව අයර්ලන්ත ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

Read More »

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »