Day: January 8, 2022

covid

ඔස්ටේ්‍රලියාව තුළ සක්‍රීය කොවිඩ් ආසාධිතයන් ලක්ෂ 10 ඉක්මවනු ඇති බවට අනතුරු ඇගවීමක්

තවත් දින කිහිපයකින් ඔස්ටේ්‍රලියාව තුළ සක්‍රීය කොවිඩ් ආසාධිතයන් ගණන ලක්ෂ 10 ඉක්මවා යනු ඇති බවට විද්‍යාඥයන් අනතුරු අගවනවා. දිනෙන් දින ඉහළ යන ආසාධිතයන් සංඛ්‍යා විමසා බැලීමේදී එවැනි තත්වයක් අපේක්ෂා කල හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ආසාධිතයන් පමණක් නොව රෝහල්ගත වන සහ දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබාගන්නා පුද්ගලයන් සංඛ්‍යාවද ඉහළ යාම අවධානම් තත්වයක් බව සෞඛ්‍ය අංශවල ස්ථාවරයයි. ඊයේ දිනයේදී ඔස්ටේ්‍රලියාවෙන් පළමු වරට කොවිඩ් ආසාධිතයන් ලක්ෂය ඉක්මවා වාර්තා වූ අතර මරණ 25 ක්ද සටහන්වුණා. ඊයේ දිනයේදී වික්ටෝරියා

Read More »

ප්‍රවීණ රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 84 වන වියෙහියි පසුවූයේ. 1965 වසරේදී චණ්ඩියා චිත්‍රපටයෙන් රංගනයට පිවිසි ඔහු ක්‍රියාදාම චිත්‍රපට රැසකට රංගනයෙන් දායකවී තිබුණා. සිකුරුළියා – හාර ලක්ෂය – අපේක්ෂා – සප්ත කන්‍යා ආදී චිත්‍රපට රැසක චරිත නිරූපණය කල රොබින් ප්‍රනාන්දු අවසන් වරට රංගනයෙන් දායක වී තිබුණේ 2018 වසරේදී ආදරෙයි මං චිත්‍රපටය සඳහායි. ඔහු ටෙලිනාට්‍ය ගණනාවකටද සිය දායකත්වය සපයා තිබුණා.

Read More »

ඔස්ටේ්‍රලියාව පුරා සුපිරි වෙළඳසැල් ගණනාවක ටොයිලට් පේපර් හිගයක්

කොවිඩ් තත්වය හමුවේ සේවකයන් විශාල පිරිසක් හුදකලා කිරීමත් සමග ඔස්ටේ්‍රලියාව පුරා සුපිරි වෙළඳසැල් ගණනාවක තවදුරටත් භාණ්ඩ හිගයක් පවතිනවා. එළවලු – පළතුරු – මස් මෙන්ම ටොයිලට් පේපර් වැනි දෑ ඒ අතරින් ප්‍රමුඛයි. කෙසේවෙතත් පාරිභෝගිකයන් ප්‍රමාණය ඉක්මවා මිළදී ගැනීමකට වඩා සැපයුම්වල අඩුවක් මෙලෙස දක්නට ලැබෙන බවයි Coles සහ Woolworths යන ආයතන දෙකම පවසන්නේ. මෙම ආයතන දෙකම මේ වනවිට මස් ඇතුලු නිෂ්පාදන කිහිපයක් මිළදී ගත හැකි ප්‍රමාණයන් සීමා කර තිබෙනවා. සේවක හිගය හමුවේ ඩිලිවරි සේවා සඳහා ද බාධා

Read More »

VIDEO : වික්ටෝරියා සෞඛ්‍ය මාධ්‍ය හමුවට ලාංකික වෛද්‍යවරයෙකුත්

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අද පැවැත්වූ දෛනික සෞඛ්‍ය මාධ්‍ය හමුවට මෙල්බන් නුවර පදිංචි වී සිටින ශ්‍රී ලාංකික වෛද්‍ය හර්ෂ අලුත්ගේ ද සහභාගී වුණා. ශ්‍රී ලාංකිකයෙකුට ලද මෙම අවස්ථාව සුවිශේෂී කරුණක් ලෙස හැඳින්විය හැකියි. වෛද්‍ය අලුත්ගේ මෙහිදී අවධාරණය කලේ වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් තත්වය පාලනයට නම් අනිවාර්යයෙන් එන්නත්කරණය ඉහළ නැංවිය යුතු බවයි. එබැවින් හැකි ඉක්මණින් සුදුසුකම් ලත් පුද්ගලයන් බූස්ටර් මාත්‍රාව ලබාගැනීමේ අවශ්‍යතාවයද ඔහු අවධාරණය කලා. වෛද්‍ය හර්ෂ අලුත්ගේ සහභාගී වූ සමස්ත මාධ්‍ය හමුව පහතින් : https://www.facebook.com/7NEWSMelbourne/videos/477995380519064/?__cft__[0]=AZWChF15ToEdzTJxFZMdPafiia_7UaY8xgHOYRKzvK9OTDWIELYNKv95Q0SqX5q9Q4iRipq27OfjwwrwSZ0tcVP2ZG9CDIfKOY_WtWHlgGLy3XXP2iVP9ojFhV3F4S0-6ueNjT7yW5px2vMrAWN4WYrrr51a4AwkREXW8nZOwEJuEA&__tn__=%2CO%2CP-R

Read More »