ධනුෂ්ක, කුසල් සහ දික්වැල්ල ගේ තරග තහනම ඉවත් කෙරේ

එංගලන්තයේ තරග සංචාරයක් අතරතුරදී විනය විරෝධීව හැසිරීමේ චෝදනාවට වැරදිකරුවන් වීමෙන් තරග තහනමකට ලක්ව සිටින කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක යන ක්‍රිකට් ක්‍රීඩකයන් 03 දෙනාට පනවා තිබූ තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අද පස්වරුවේ තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා සඳහන් කලේ ඔවුන් නියමිත ශාරීරික යෝග්‍යතාවයෙන් පසු වන්නේ නම් එළඹෙන සිම්බාබ්වේ සංචාරයේ සිට කණ්ඩායමට පැමිනිමේ අවස්ථාව ඔවුන්ට ඇති බවයි.

ඔවුන්ට නියම කර තිබූ දඩ මුදල සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් බව ද මොහාන් ද සිල්වා කියා සිටියා.

මෙම ක්‍රීඩකයන් 03 දෙනා පසුගිය ජූනි මාසයේදී එංගලන්තයේ ඩරම් නගරයේ රාත්‍රියේ වීථියක සැරිසරන ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

පසුව, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව එම ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමක් පැනවුණා.

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මොල්බන් ඇවිත් නිවාස සොරකමේ ගිය අයර්ලන්ත ජාතිකයින් තිදෙනා අත්අඩංගුවට

මෙල්බර්න් නගරය ආශ්‍රිත සිදුවූ සොරකම් 60 කට අදාළව අයර්ලන්ත ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

Read More »