නොවැක් ජොකොවික්ගේ වීසා බලපත්‍රය අවලංගු කරයි – පිටුවහල් කිරීමටත් පියවර

ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගීවීම සඳහා මෙල්බන් නගරයට පැමිණි ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික්ගේ වීසා බලපත්‍රය අවලංගු කර පිටුවහල් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ ඔහු ඔස්ටේ්‍රලියාවට ඇතුලුවීමට සපුරාලිය යුතු ආගමන නීති නිසි ලෙස සපුරා නොතිබීම හේතුවෙනුයි.

එන්නත්කරණයට ලක්ව නොසිටීම හමුවේ ජොකොවිච්ට රටට ඇතුලුවීමට අවසර දීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක්ද මතුවී තිබුණා.

මේ අතර ඔස්ටේ්‍රලියානු ආගමන අංශවල තීරණය අභියෝගයට ලක් කිරීමට සුපිරි ටෙනිස් ක්‍රීඩකයා තීරණය කර තිබෙනවා.

කෙසේවෙතත් එහි තීරණයක් ලැබෙන තුරු ඔහු ඔස්ටේ්‍රලියාව තුළ රැඳී සිටින්නේද යන්න අවිනිශ්චිතයි.

මේ වනවිට නොවැක් ජොකොවික් මෙල්බන් නුවර නිරෝධායන හෝටලයකට යොමු කර තිබෙනවා.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »