Day: January 6, 2022

ජොකොවික් ගේ අභියාචන තීන්දුව සඳුදාට කල් යයි

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික් විසින්, සිය වීසා බලපත්‍රය අවලංගු කිරීමට එරෙහිව වික්ටෝරියා ෆෙඩරල් අධිකරණයක් ඉදිරියේ පවරනු ලැබූ අභියාචනය විභාග කිරීම ලබන සඳුදා දක්වා කල්දමා තිබෙනවා. ඒ අනුව එදින තෙක් ඔහු පිටුවහල් කිරීම අත්හිටුවනු ඇති. ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගීවීම සඳහා පැමිණි ජොකොවික් ට රටට ඇතුලුවීමට මෙල්බන් ගුවන් තොටුපළේදී ආගමන අංශ විසින් අවසර නොදෙනු ලැබුවේ සුපිරි ක්‍රීඩකයා එන්නත්කරණයට ලක්ව නොසිටීම හේතුවෙනුයි. ඒ අනුව ඔහුට නිකුත් කර තිබු වීසා බලපත්‍රය අවලංගු කර රටෙන් පිටුවහල්

Read More »

ජොකොවික් ගේ නඩු විභාගය ඇරඹෙයි – පිටුවහල් කලොත් යළි වසර 03 කට ඔස්ටේ්‍රලියාව තහනම්

ඔස්ටේ්‍රලියාවට ඇතුලුවීමට අවසර නොදීම අභියෝගයට ලක් කරමින් ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික් ගේ නීතීඥයන් විසින් වික්ටෝරියා ප්‍රාන්තයේ අධිකරණයක් හමුවේ නඩුවක් ගොණු කර තිබෙනවා. දෙපාර්ශවයේ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා අද පස්වරු 06 තෙක් නඩුව කල් තබා ඇති බවයි මෙල්බන් වාර්තා සඳහන් කලේ. ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගීවීම සඳහා පැමිණි ජොකොවික් ට රටට ඇතුලුවීමට මෙල්බන් ගුවන් තොටුපළේදී ආගමන අංශ විසින් අවසර නොදෙනු ලැබුවේ සුපිරි ක්‍රීඩකයා එන්නත්කරණයට ලක්ව නොසිටීම හේතුවෙනුයි. ඒ අනුව ඔහුට නිකුත් කර තිබු

Read More »

Northern Territory එන්නත් නොගත් පුද්ගලයන්ට නිවාසවලින් පිටතට යාම තහනම්

Northern Territory වයස අවුරුදු 16 ට වැඩි මේ දක්වා එන්නත් නොගත් පුද්ගලයන්ට අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා අද පස්වරු 01 න් පසු නිවාසවලින් පිටතට යාම තහනම් කර තිබෙනවා. ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය මයිකල් ගනර් නිවේදනය කලේ අත්‍යවශ්‍ය කරුණු 03 කට පමණක් ඔවුන්ට පිටතට යාමට අවසර දෙන බවයි. කොවිඩ් පරීක්ෂණ හෝ එන්නත්කරණය වැනි වෛද්‍ය අවශ්‍යතා / අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිළයට ගැනීම සහ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට සහය දීම ඊට අයත්. කෙසේවෙතත් නිවසේ සිට කිලෝමීටර් 30 කට වඩා යාමට වන්නේ අවසර

Read More »

ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්ත 07 කින් ඊයේ කොවිඩ් ආසාධිතයන් 72,392 ක්

ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්ත 07 කින් ඊයේ දිනයේදී කොවිඩ් ආසාධිතයන් 72,392 දෙනෙකු වාර්තා වී තිබෙනවා. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ සටහන්වූ කොවිඩ් ආසාධිතයන් ගණන 34,994 ක්. වික්ටෝරියා ප්‍රාන්තයෙන් 21,997 දෙනෙකුද – ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් 10,332 දෙනෙකුද – දකුණු ඔස්ටේ්‍රලියාවෙන් 3,070 දෙනෙකුද ගතවූ පැය 24 තුළදී කොවිඩ් රෝගීන් ලෙස වාර්තා වුණා. ටස්මේනියාවේ 751 දෙනෙකුද ACT ප්‍රාන්තයේ 992 දෙනෙකුද වාර්තා වී තිබෙනවා. Northern Territory 256 දෙනෙකුද ඊයේ කොවිඩ් ආසාධිතයන් අතරට අයත්.

Read More »