ජොකොවික් ගේ නඩු විභාගය ඇරඹෙයි – පිටුවහල් කලොත් යළි වසර 03 කට ඔස්ටේ්‍රලියාව තහනම්

ඔස්ටේ්‍රලියාවට ඇතුලුවීමට අවසර නොදීම අභියෝගයට ලක් කරමින් ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික් ගේ නීතීඥයන් විසින් වික්ටෝරියා ප්‍රාන්තයේ අධිකරණයක් හමුවේ නඩුවක් ගොණු කර තිබෙනවා.

දෙපාර්ශවයේ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා අද පස්වරු 06 තෙක් නඩුව කල් තබා ඇති බවයි මෙල්බන් වාර්තා සඳහන් කලේ.

ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගීවීම සඳහා පැමිණි ජොකොවික් ට රටට ඇතුලුවීමට මෙල්බන් ගුවන් තොටුපළේදී ආගමන අංශ විසින් අවසර නොදෙනු ලැබුවේ සුපිරි ක්‍රීඩකයා එන්නත්කරණයට ලක්ව නොසිටීම හේතුවෙනුයි.

ඒ අනුව ඔහුට නිකුත් කර තිබු වීසා බලපත්‍රය අවලංගු කර රටෙන් පිටුවහල් කිරීමටද ඔස්ටේ්‍රලියානු බලධාරීන් පියවර ගත්තා.

කෙසේවෙතත් මෙම තීරණය අභියෝගයට ලක් කරමින් නොවැක් ජොකොවික් ගේ නීතීඥන් විසින් ගොණු කර ඇති නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරන තුරු සුපිරි ටෙනිස් ක්‍රීඩකයාට ඔස්ටේ්‍රලියාව තුළ රැඳී සිටිය හැකි වනවා.

කිසියම් අයුරකින් පිටුවහල් කිරීමක් සිදුවුවහොත් නැවතත් වසර 03 ක් යනතුරු කිසිදු වීසා බලපත්‍රයක් යටතේ ඔස්ටේ්‍රලියාවට පැමිණිමට නොවැක් ජොකොවික්ට අවසර හිමිවන්නේද නැහැ.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »