නොවැක් ජොකොවිච් ට ඔස්ටේ්‍රලියාවට ඇතුලුවීමට ඉඩ නොලැබෙන ළකුණු

සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච් ට ඇතැම්විට ඔස්ටේ්‍රලියාවට ඇතුලුවීමට අවසර නොදීමට පවා ඉඩ ඇතැයි අගමැති ස්කොට් මොරිසන් පවසනවා.

වෛද්‍යමය හේතු මත එන්නත්කරණයෙන් වැළකී සිටීමට අදාළ නිසි ලේඛණ ඔහු විසින් ඉදිරිපත් කල යුතු බවයි අගමැතිවරයා අවධාරණය කරන්නේ.

මෙල්බන් නුවර පැවැත්වෙන ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් ශූරතාවලියට සහභාගීවීම සඳහා නොවැක් ජොකොවිච් පැමිණෙන අතර ඔහු මේ දක්වා එන්නත්කරණයට ලක්වී නැහැ.

පසුගිය වසරේදී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් ටෙනිස් ක්‍රීඩකයා සඳහන් කලේ තමන් එන්නත්කරණයට විරුද්ධ බවයි.

එසේ තිබියදී ඔහුට රටට ඇතුලුවීමට අවසර දීම සම්බන්ධයෙන් විශාල පිරිසක් ෆෙඩරල් රජයට චෝදනා කරමින් සිටිනවා.

විරෝධය දැඩිවීමත් සමග නිවේදනයක් නිකුත් කරමින් ෆෙඩරල් රජය කියාසිටියේ කිසිදු ක්‍රීඩකයෙකුට සුවිශේෂී සැළකීමක් නොදක්වන අතර නොවැක් ජොකොවිච් ටද එය අදාළවන බවයි.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »