
2020 වසර හා සැසඳීමේදී පසුගිය වසරේදී වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ග අනතුරු මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.
2020 දී වික්ටෝරියාවෙන් වාර්තා වී තිබුණේ මාර්ග අනතුරු මරණ 211 ක් පමණයි.
එහෙත් පසුගිය වසරේදී එය 236 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

2020 වසරේදී වික්ටෝරියා නාගරික කලාපයෙන් සටහන්වී තිබුණේ මාර්ග අනතුරු මරණ 84 ක් පමණයි.
2021 දී එය 117 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය පවසනවා.

වසංගත තත්වය හමුවේ මාර්ග භාවිත කිරීම අඩු මට්ටමක තිබියදී පවා පසුගිය වසරේදී මාර්ග අනතුරු ගණන ඉහළයාම පිළිබඳ සෑහීමකට පත්විය නොහැති බවයි වික්ටෝරියා ප්‍රාන්ත බළධාරීන් සඳහන් කරන්නේ.
දැනට පවතින මාර්ග අනතුරු මරණ සංඛ්‍යාව 2030 වනවිට අඩකින් අඩු කිරීමත් 2050 වනවිට එය මුලුමණින්ම තුරන් කිරීමත් වික්ටෝරියා ප්‍රාන්ත රජයේ සැළසුම වී තිබෙනවා.
වික්ටෝරියා රිය අනතුරු සඳහා ප්‍රධානම හේතු 02 සැළකෙන්නේ අධික වේගයෙන් රිය පැදවීම සහ මත්පැන් පානය කර රිය ධාවනයයි.
ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු ඉහළ නැංවීමද අද සිට බලාත්මක වුණා.
https://www.abc.net.au/news/2022-01-01/increased-death-toll-on-victorian-roads/100734312