නිවු සවුත් වේල්ස් සෞඛ්‍ය සේවකයන්ට නිරෝධායන නීතිවල වෙනසක්

කොවිඩ් ආසාධිතයෙකු සමග සමීපව කටයුතු කල නිවු සවුත් වේල්ස් සෞඛ්‍ය සේවකයන්ටද රෝග ලක්ෂණ නොපෙන්වන්නේනම් අඛණ්ඩව සේවය කිරීමට අවසර දී තිබෙනවා.

ඊට අදාළ සෞඛ්‍ය නියෝගය නිකුත් කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍ය බ්‍රැඩ් හසාර්ඩ් ගේ අත්සනින් යුතුවයි.

ප්‍රාන්තය පුරා සෞඛ්‍ය සේවකයන් හිගවීමකින් තොරව සේවයට කැඳවීමටත් සෞඛ්‍ය සේවය අඩාල නොවීමත් අරමුණු කරගෙන මෙම පියවර ගන්නා බවයි ඔහු කියාසිටියේ.

කෙසේවෙතත් රෝග ලක්ෂණ පෙන්නුම් කරන සෞඛ්‍ය සේවකයන් පී සී ආර් පරීක්ෂණයකට යොමුවී සෘණාත්මක ප්‍රථිඵලයක් එන තුරු හුදකලාව සිටිය යුතු වනවා.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (31) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 22,577 ක් වාර්තා වි තිබේ.

දැනට 901 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 79 දනෙකු දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී.

ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 05 ක් වාර්තා විය​.

පසුගිය පැය 24 තුළදී COVID පරීක්ෂණ 119,278 ක් සිදු කර ඇත.

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »