ඇඩිලේඩ් නුවර පැවති අලු බඳුන දෙවන ටෙස්ට් තරගයෙන් ඉවත්වීමට සිදුවීමත් සමග තමන් දැඩි කෝපයට පත්වූ බව ඔස්ටේ්‍රලියා ටෙස්ට් නායක පැට් කමින්ස් පවසනවා.
කොවිඩ් ආසාධිතයෙකුගේ ආශ්‍රිතයෙකු වීම හේතුවෙනුයි ඔහුට තරගයෙන් ඉවත්වීමට සිදුවූයේ.
කෙසේවෙතත් තරගය ජයගැනීමට ඔස්ටේ්‍රලියාවට හැකිවීමෙන් සිය කෝපය නිවී ගිය බවද පැටි කමින්ස් සඳහන් කලා.
එංගලන්තය සහ ඔස්ටේ්‍රලියාව අතර 03 වන ටෙස්ට් තරගය හෙට මෙල්බන් හිදී ආරම්භ වනවා.
පැට් කමින්ස් ඊට සහභාගී වීමට නියමිතයි.