Day: December 25, 2021

මෙල්බන් ටෙස්ට් තරගයට කලින් ඔස්ටේ්‍රලියා නායකයාගෙන් අනාවරණයක්

ඇඩිලේඩ් නුවර පැවති අලු බඳුන දෙවන ටෙස්ට් තරගයෙන් ඉවත්වීමට සිදුවීමත් සමග තමන් දැඩි කෝපයට පත්වූ බව ඔස්ටේ්‍රලියා ටෙස්ට් නායක පැට් කමින්ස් පවසනවා. කොවිඩ් ආසාධිතයෙකුගේ ආශ්‍රිතයෙකු වීම හේතුවෙනුයි ඔහුට තරගයෙන් ඉවත්වීමට සිදුවූයේ. කෙසේවෙතත් තරගය ජයගැනීමට ඔස්ටේ්‍රලියාවට හැකිවීමෙන් සිය කෝපය නිවී ගිය බවද පැටි කමින්ස් සඳහන් කලා. එංගලන්තය සහ ඔස්ටේ්‍රලියාව අතර 03 වන ටෙස්ට් තරගය හෙට මෙල්බන් හිදී ආරම්භ වනවා. පැට් කමින්ස් ඊට සහභාගී වීමට නියමිතයි. https://www.abc.net.au/news/2021-12-25/pat-cummins-angry-after-missing-out-on-the-second-ashes-test/100725740

Read More »

පර්ත් ආ ප්‍රංශ සංචාරකයාට සම්බන්ධ කොවිඩ් පොකුර 07 දක්වා ඉහළට

ක්වීන්ස්ලන්ඩ් සිට පැමිණි බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයට පැමිණි ප්‍රංශ ජාතික සංචාරකයාට සම්බන්ධ තවත් දෙදෙනෙකු කොවිඩ් ආසාධිත බව හෙළිවී තිබෙනවා. ඊයේ දිනයේදී ප්‍රාන්තයෙන් හමුවු ආසාධිතයන් 05 දෙනා අතරට ඔවුන් දෙදෙනාද අයත් බවයි සෞඛ්‍ය අංශ කියාසිටියේ. මේ අනුව අදාළ පොකුරට සම්බන්ධ ආසාධිතයන් ගණන 07 දක්වා ඉහළ යනු ඇති. ක්වීන්ස්ලන්ඩ් සිට පැමිණි ප්‍රංශ ජාතික සංචාරකයෙකුට කොවිඩ් වැළඳී ඇතැයි හෙළිවීමත් සමග පර්ත් සහ පීල් නගර වෙත කොවිඩ් රෙගුලාසි කිහිපයක් පණවා තිබෙනවා. ඒ අනුව ලබන 28 වනදා අලුයම 06 දක්වා ප්‍රාන්තයේ

Read More »
CBSL

රට ඉන්න ලාංකිකයන්ට ගාස්තුවකින් තොරවම ලංකාවට සල්ලි එවන්න අවස්ථාව

විදේශ ශ්‍රමිකයන් විසින් විදේශ විනිමය හුවමාරු ආයතන හෝ බැංකු හරහා ශ්‍රී ලංකාවට විදේශ මුදල් එවීමේදී දැනට එකී ආයතනවලට ගෙවනු ලබන ගාස්තු (Service charges) නිශ්චිත සීමාවකට යටත්ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, ඉදිරියේදී විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට කිසිම ගාස්තුවකින් තොරව විදේශ මුදල් ශ්‍රී ලංකාවට එවීමට හැකි වන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරන්නේ. මේ සම්බන්ධයෙන් වන, ආරම්භක දිනය ද ඇතුළු, මෙහෙයුම් උපදෙස් ඉදිරියේදී මහ බැංකුව විසින්

Read More »

ගෝල්ඩ් කෝස්ට් හිදී සුනඛයෙකු විසින් සපා කෑමෙන් 05 හැවිරිදි දරුවෙකු මරුට

ගෝල්ඩ් කෝස්ට් හිදී සුනඛයෙකු විසින් සපා කෑමෙන් බරපතල තුවාල ලබා සිටි 05 හැවිරිදි දරුවා මියගොස් තිබෙනවා. ඊයේ දහවල් කාලයේදීයි මෙම සපා කෑම සිදුවී තිබුණේ. එහිදී අදාළ දරුවාගේ පිටුපස සහ ගෙල ප්‍රදේශවලට දැඩි හානි සිදුව තිබූ බව ක්වීන්ස්ලන්ඩ් පොලිසිය ප්‍රකාශ කලා. bull terrier වර්ගයේ සුනඛයෙකු විසින් මෙම පහරදීම සිදුකර තිබූ බව සඳහන්. දරුවාගේ මිත්තණියද සුනඛයා විසින් සපා කා තිබූ අතර ඇයගේ තත්වය අසාධ්‍ය නැතැයි රෝහල් ආරංචි මාර්ග කියාසිටියා. https://www.9news.com.au/national/five-year-old-boy-being-mauled-by-dog-robina-gold-coat/f7be1fe4-77f0-4583-a9b1-b9fcf4e8fa4e

Read More »