රට ඉන්න ලාංකිකයන්ට ගාස්තුවකින් තොරවම ලංකාවට සල්ලි එවන්න අවස්ථාව

CBSL

විදේශ ශ්‍රමිකයන් විසින් විදේශ විනිමය හුවමාරු ආයතන හෝ බැංකු හරහා ශ්‍රී ලංකාවට විදේශ මුදල් එවීමේදී දැනට එකී ආයතනවලට ගෙවනු ලබන ගාස්තු (Service charges) නිශ්චිත සීමාවකට යටත්ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, ඉදිරියේදී විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට කිසිම ගාස්තුවකින් තොරව විදේශ මුදල් ශ්‍රී ලංකාවට එවීමට හැකි වන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරන්නේ.

මේ සම්බන්ධයෙන් වන, ආරම්භක දිනය ද ඇතුළු, මෙහෙයුම් උපදෙස් ඉදිරියේදී මහ බැංකුව විසින් නිකුත් කිරීමට නියමිතයි.

මේ අතර විදේශ ශ්‍රමිකයන් එවන මුදල් සඳහා ලබාදෙන දිරිදීමනා යෝජනා ක්‍රමය ලබන ජනවාරි 31 වන දින දක්වා අඛණ්ඩව ගෙවීමට ද ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව අමෙරිකානු ඩොලරයක් සඳහා අමතර රුපියල් 10 ක් ලබාදීම තවත් මාසයකට දීර්ඝ වනු ඇති.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ විදේශයන්හි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ගේ ඉල්ලීම් සලකා බලමින් මෙම තීරණය ගත් බවයි.

එම මුදල් බලපත්‍රලාභී බැංකු සහ අනෙකුත් විධිමත් ක්‍රම ඔස්සේ මෙරටට එවීම අනිවාර්ය වනවා.

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »