ගෝල්ඩ් කෝස්ට් හිදී සුනඛයෙකු විසින් සපා කෑමෙන් බරපතල තුවාල ලබා සිටි 05 හැවිරිදි දරුවා මියගොස් තිබෙනවා.
ඊයේ දහවල් කාලයේදීයි මෙම සපා කෑම සිදුවී තිබුණේ.
එහිදී අදාළ දරුවාගේ පිටුපස සහ ගෙල ප්‍රදේශවලට දැඩි හානි සිදුව තිබූ බව ක්වීන්ස්ලන්ඩ් පොලිසිය ප්‍රකාශ කලා.
bull terrier වර්ගයේ සුනඛයෙකු විසින් මෙම පහරදීම සිදුකර තිබූ බව සඳහන්.
දරුවාගේ මිත්තණියද සුනඛයා විසින් සපා කා තිබූ අතර ඇයගේ තත්වය අසාධ්‍ය නැතැයි රෝහල් ආරංචි මාර්ග කියාසිටියා.