පර්ත් ආ ප්‍රංශ සංචාරකයාට සම්බන්ධ කොවිඩ් පොකුර 07 දක්වා ඉහළට

ක්වීන්ස්ලන්ඩ් සිට පැමිණි බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයට පැමිණි ප්‍රංශ ජාතික සංචාරකයාට සම්බන්ධ තවත් දෙදෙනෙකු කොවිඩ් ආසාධිත බව හෙළිවී තිබෙනවා.

ඊයේ දිනයේදී ප්‍රාන්තයෙන් හමුවු ආසාධිතයන් 05 දෙනා අතරට ඔවුන් දෙදෙනාද අයත් බවයි සෞඛ්‍ය අංශ කියාසිටියේ.

මේ අනුව අදාළ පොකුරට සම්බන්ධ ආසාධිතයන් ගණන 07 දක්වා ඉහළ යනු ඇති.

ක්වීන්ස්ලන්ඩ් සිට පැමිණි ප්‍රංශ ජාතික සංචාරකයෙකුට කොවිඩ් වැළඳී ඇතැයි හෙළිවීමත් සමග පර්ත් සහ පීල් නගර වෙත කොවිඩ් රෙගුලාසි කිහිපයක් පණවා තිබෙනවා.

ඒ අනුව ලබන 28 වනදා අලුයම 06 දක්වා ප්‍රාන්තයේ සියලුම පොදු ස්ථානවල මුහුණු ආවරණ පැළඳ සිටීම අනිවාර්ය වනවා.

රැකියා ස්ථාන – පොදු ප්‍රවාහනය – රෝහල් – වෙළඳ සංකීර්ණ සහ සියලුම hospitality ස්ථාන මීට අයත්.

පුද්ගලික නිවාස තුළදී පමණක් මුව ආවරණ භාවිතය අනිවාර්ය නොවනු ඇති.

සියලුම සමාජ ශාලා නැවත දැනුම් දෙන තුරු වසා දැමෙන අතර සංගීත සංදර්ශන වැනි ඉහළ ජන සහභාගීත්වයක් සහිත අවස්ථා නැවත දැනුම් දෙන තුරු අවලංගු වනවා.

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »