Day: December 25, 2021

ශ්‍රී ලංකාවේ සැරයන්වරයෙකුගේ වෙඩි තැබීමකින් 04 දෙනෙකු මරුට

ශ්‍රී ලංකාවේ පොලිස් ස්ථානයකදී සැරයන්වරයෙකු විසින් තවත් නිළධාරීන් 04 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේදී සැරයන්වරයෙක් කල වෙඩි තැබීමකින් එහි සිටි පොලිස් නිලධාරින් 04 දෙනෙකු මියගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ. පොලිස් ස්ථානාධිපති වෙඩි වැදීමෙන් තුවාල ලබා රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. අදාළ වෙඩි තැබීම තිරුක්කෝවිල් පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකු විසින් සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ. ඔහු වෙඩි තැබීම සිදුකිරීමෙන් අනතුරුව ටී 56 වර්ගයේ ගිනි අවි 02ක් සහ පතොරම් ගැබ්

Read More »

ඊයේ ආසාධිතයන් : NSW 6,288 / වික්ටෝරියා 2,108

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 2,108 ක් හමුව ඇත. මරණ 06 ක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 17,599 කි. ඊයේ දිනයේදී (24) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 83,456 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 2,208 ක් ලබා දී තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (24) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 6,288 ක් වාර්තා වි තිබේ. දැනට 388 දෙනෙකු

Read More »

දහස් සංඛ්‍යාත ඔස්ටේ්‍රලියානුවන් නත්තල් දිනයේදී හුදකලා හෝ නිරෝධායනයේ

දහස් සංඛ්‍යාත ඔස්ටේ්‍රලියානුවන්ට මෙවර නත්තල් දිනයේදී හුදකලාව හෝ නිරෝධායනයට ලක්ව කිතුණු උපත සැමරීමට සිදුවී තිබෙනවා. ඒ ඔවුන් කොවිඩ් ආසාධිතයන් හෝ ආශ්‍රිතයන් බවට පත්ව සිටීම හේතුවෙනුයි. නිල සංඛ්‍යාලේඛණ අනුව මේ වනවිට ඔස්ටේ්‍රලියාව පුරා සිටින සක්‍රීය ආසාධිතයන් ගණන 50,000 කට අධිකයි. ඔවුන්ගේ ආශ්‍රිතයන් ගණන ද ඊට වැඩි අගයකයි පවතින්නේ. එමෙන්ම නත්තල් දිනයේදී සිය පවුල්වල සාමාජිකයන් සමග ගතකිරීමට යාමට ගොස් සිඩ්නි සහ මෙල්බන් ගුවන් තොටුපළවලදී ගුවන් ගමන් අවලංගු වූ විශාල පිරිසකටද නත්තල් සැළසුම් අතහැර ගැනීමට සිදුවුණා. https://7news.com.au/lifestyle/health-wellbeing/tens-of-thousands-to-spend-christmas-in-quarantine-as-omicron-causes-covid-chaos-c-5073857

Read More »

අභියෝග ජයගමු – නත්තල් පණිවිඩයෙන් අගමැතිගෙන් ඉල්ලීමක්

ඉදිරි අභියෝග එක්ව ජය ගැනීමට එක් වන්නැයි අගමැති ස්කොට් මොරිසන් සියලු ඔස්ටේ්‍රලියානුවන්ට ආරාධනා කරනවා. අදට යෙදී ඇති නත්තල් දිනය වෙනුවෙන් සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කරමිනුයි අගමැතිවරයා මේ බව සඳහන් කරන්නේ. නත්තල් නිවාඩු සමයේදී පවා රාජකාරිවල නිරතවී සිටින ට්‍රක් රියදුරන් – සෞඛ්‍ය සේවකයන් ඇතුලු සෑම ක්ෂේත්‍රයකම අය වෙනුවෙන් සමස්ත ජාතියේම ප්‍රණාමය හිමිවිය යුතු බවද ඔහු මෙහිදී ප්‍රකාශ කලා. පසුගිය සතියේ ටස්මේනියා ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලක සිදුවු ඛේදවාචකයෙන් මියගිය දරුවන් 06 දෙනා වෙනුවෙන් මෙම නත්තලේ යාඥා මෙහෙයන්හිදී සුවිශේෂී

Read More »