දහස් සංඛ්‍යාත ඔස්ටේ්‍රලියානුවන් නත්තල් දිනයේදී හුදකලා හෝ නිරෝධායනයේ

දහස් සංඛ්‍යාත ඔස්ටේ්‍රලියානුවන්ට මෙවර නත්තල් දිනයේදී හුදකලාව හෝ නිරෝධායනයට ලක්ව කිතුණු උපත සැමරීමට සිදුවී තිබෙනවා.

ඒ ඔවුන් කොවිඩ් ආසාධිතයන් හෝ ආශ්‍රිතයන් බවට පත්ව සිටීම හේතුවෙනුයි.

නිල සංඛ්‍යාලේඛණ අනුව මේ වනවිට ඔස්ටේ්‍රලියාව පුරා සිටින සක්‍රීය ආසාධිතයන් ගණන 50,000 කට අධිකයි.

ඔවුන්ගේ ආශ්‍රිතයන් ගණන ද ඊට වැඩි අගයකයි පවතින්නේ.

එමෙන්ම නත්තල් දිනයේදී සිය පවුල්වල සාමාජිකයන් සමග ගතකිරීමට යාමට ගොස් සිඩ්නි සහ මෙල්බන් ගුවන් තොටුපළවලදී ගුවන් ගමන් අවලංගු වූ විශාල පිරිසකටද නත්තල් සැළසුම් අතහැර ගැනීමට සිදුවුණා.

https://7news.com.au/lifestyle/health-wellbeing/tens-of-thousands-to-spend-christmas-in-quarantine-as-omicron-causes-covid-chaos-c-5073857

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »