ශ්රී ලංකාවේ පොලිස් ස්ථානයකදී සැරයන්වරයෙකු විසින් තවත් නිළධාරීන් 04 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේදී සැරයන්වරයෙක් කල වෙඩි තැබීමකින් එහි සිටි පොලිස් නිලධාරින් 04 දෙනෙකු මියගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ.
පොලිස් ස්ථානාධිපති වෙඩි වැදීමෙන් තුවාල ලබා රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
අදාළ වෙඩි තැබීම තිරුක්කෝවිල් පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකු විසින් සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
ඔහු වෙඩි තැබීම සිදුකිරීමෙන් අනතුරුව ටී 56 වර්ගයේ ගිනි අවි 02ක් සහ පතොරම් ගැබ් 19ක් සමග ඇතිමලේ පොලිස් ස්ථානය වෙත ගොස් භාරවී ඇති බවද පොලිසිය සදහන් කළා.