
ඉදිරි අභියෝග එක්ව ජය ගැනීමට එක් වන්නැයි අගමැති ස්කොට් මොරිසන් සියලු ඔස්ටේ්‍රලියානුවන්ට ආරාධනා කරනවා.
අදට යෙදී ඇති නත්තල් දිනය වෙනුවෙන් සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කරමිනුයි අගමැතිවරයා මේ බව සඳහන් කරන්නේ.
නත්තල් නිවාඩු සමයේදී පවා රාජකාරිවල නිරතවී සිටින ට්‍රක් රියදුරන් – සෞඛ්‍ය සේවකයන් ඇතුලු සෑම ක්ෂේත්‍රයකම අය වෙනුවෙන් සමස්ත ජාතියේම ප්‍රණාමය හිමිවිය යුතු බවද ඔහු මෙහිදී ප්‍රකාශ කලා.

පසුගිය සතියේ ටස්මේනියා ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලක සිදුවු ඛේදවාචකයෙන් මියගිය දරුවන් 06 දෙනා වෙනුවෙන් මෙම නත්තලේ යාඥා මෙහෙයන්හිදී සුවිශේෂී අවධානයක් යොමු කරන්නැයිද අගමැති මොරිසන් ඉල්ලා සිටියා.
කොවිඩ් වසංගතයෙන් ගොඩ ඒමට එළඹෙන වසරේදී අපේක්ෂා තබාගත යුතු බවද අගමැතිවරයා සඳහන් කලා.
