සිඩ්නි රථ ගාලක ගසක් කඩා වැටීමෙන් අයෙකු මියගොස් තවත් දෙදෙනෙකුට බරපතල තුවාල

සිඩ්නි නගරයට බලපෑ දැඩි කුණාටු තත්වය හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

Narrabeen ප්‍රදේශයේ රථ ගාලක සිටි මෙම පිරිස මතට ගසක් කඩා වැටීමෙනුයි මෙම අනතුර සිදුවී තිබුණේ.

තුවාල ලැබූ දෙදෙනාගේ තත්වයද බරපතල බව නිවු සවුත් වේල්ස් බළධාරීන් සඳහන් කලා.

මේ අතර අයහපත් කාළගුණය හමුවේ ප්‍රාන්තයේ ස්ථාන රැසක ගස් කඩා වැටීම් සහ විදුලිය විසන්ධිවීම් වාර්තා වී තිබෙනවා.

එමෙන්ම දුරකථන සබඳතාද ඇණහිට ඇති බවයි පැවසෙන්නේ.

https://twitter.com/nswpolice/status/1472439231008030723?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1472439231008030723%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.9news.com.au%2Fnational%2Fweather-sydney-northern-beaches-storm-narrabeen%2Fa285afc7-ecde-4cf1-a171-5ce0c3dc0064

PIC – 9 NEWS

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »