Day: December 19, 2021

ක්වීන්ස්ලන්ඩ් සැහැල්ලු ගුවන් යානයක් මුහුදට කඩා වැටී 04 දෙනෙකු මිය යයි

ක්වීන්ස්ලන්ඩ් Moreton Bay හිදී සැහැල්ලු ගුවන් යානයක් මුහුදට කඩා වැටීමෙන් පුද්ගලයන් 04 දෙනෙකු මියගොස් තිබේ. සුදුසුකම් ලත් ගුවන් නියමුවෙකු – පියෙකු හා ඔහුගේ දරුවන් දෙදෙනායි මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ. යානය ගුවන් ගතවී විනාඩි කිහිපයකින් කඩා වැටුණු බව සඳහන්. වෙරළාරක්ෂක බළකාය සහ පොලිසිය එක්ව බේරා ගැනීම් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇතත් කිසිවෙකුගේ දිවි ගලවා ගැනීමට හැකි වී නැහැ. මේ අතර ගුවන් යානය ගොඩට ගැනීම සඳහා විශේෂ කණ්ඩායමක් හෙට දිනයේදී කැන්බරා සිට බ්‍රිස්බන් දක්වා පැමිණීමට නියමිතව තිබෙනවා. https://www.9news.com.au/national/plane-crash-water-redcliffe-queensland/2f3d7edf-1e79-4241-83c1-c12336593b59

Read More »

සිඩ්නි රථ ගාලක ගසක් කඩා වැටීමෙන් අයෙකු මියගොස් තවත් දෙදෙනෙකුට බරපතල තුවාල

සිඩ්නි නගරයට බලපෑ දැඩි කුණාටු තත්වය හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. Narrabeen ප්‍රදේශයේ රථ ගාලක සිටි මෙම පිරිස මතට ගසක් කඩා වැටීමෙනුයි මෙම අනතුර සිදුවී තිබුණේ. තුවාල ලැබූ දෙදෙනාගේ තත්වයද බරපතල බව නිවු සවුත් වේල්ස් බළධාරීන් සඳහන් කලා. මේ අතර අයහපත් කාළගුණය හමුවේ ප්‍රාන්තයේ ස්ථාන රැසක ගස් කඩා වැටීම් සහ විදුලිය විසන්ධිවීම් වාර්තා වී තිබෙනවා. එමෙන්ම දුරකථන සබඳතාද ඇණහිට ඇති බවයි පැවසෙන්නේ. https://twitter.com/nswpolice/status/1472439231008030723?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1472439231008030723%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.9news.com.au%2Fnational%2Fweather-sydney-northern-beaches-storm-narrabeen%2Fa285afc7-ecde-4cf1-a171-5ce0c3dc0064 PIC – 9 NEWS

Read More »

ටස්මේනියා අනතුරෙන් තවත් ළමයෙකු මරුට – මුලු මරණ 06 ට නගී

ටස්මේනියා හි Hillcrest ප්‍රාථමික පාසලේ සිදුවූ ඛේදවාචකයෙන් තුවාල ලබා අසාධ්‍යය තත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් දරුවෙකු මියගොස් තිබෙනවා. මේ අනුව පසුගිය බ්‍රහස්පතින්දා සිදුවූ අනතුරේ මරණ සංඛ්‍යාව 06 දක්වා ඉහළ යනු ඇති. අද දහවල් මෙලෙස මියගොස් ඇත්තේ 11 හැවිරිදි පිරිමි ළමයෙකුයි. රෝහලේ තවත් ළමුන් දෙදෙනෙකු අසාධ්‍ය තත්වයෙන් Royal Hobart රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවනවා. ළමුන් 09 දෙනෙකු අනතුරට මුහුණ දුන් අතර එක් අයෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබුණා. https://www.9news.com.au/national/tasmania-jumping-castle-accident-sixth-child-dies/80ec8873-aa31-4110-90aa-82256b2558d3

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මානසික සෞඛ්‍ය නව රැකියා 350 ක් සඳහා අනුමැතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නව රැකියා 350 ක් සඳහා අනුමැතිය ලැබී තිබෙනවා. ඒ සඳහා ප්‍රාන්ත රජය විසින් අනුමැතිය ලැබී ඇති බවයි වැඩ බලන අගමැති ජේම්ස් මර්ලීනෝ සඳහන් කලේ. වික්ටෝරියා ප්‍රාන්ත වාසීන්ගේ මානසික සෞඛ්‍ය මට්ටම නගා සිටුවීම සඳහා පසුගියදා ප්‍රකාශයට පත් කල රාජකීය කොමිෂන් වාර්තාවේ එක් නිර්දේශයක් ලෙසයි මෙම බඳවා ගැනීම් සිදුකිරීමට නියමිතව ඇත්තේ. 2024 වසර දක්වා ප්‍රාන්තය තුළ මානසික සෞඛ්‍ය නගා සිටුවීමේ පුලුල් වැඩසටහන් මාලාවක්ද ක්‍රියාත්මකයි. වැඩ බලන අගමැති ජේම්ස් මර්ලීනෝ වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ගෙන් ඉල්ලා

Read More »