Search

ක්වීන්ස්ලන්ඩ් සැහැල්ලු ගුවන් යානයක් මුහුදට කඩා වැටී 04 දෙනෙකු මිය යයි

ක්වීන්ස්ලන්ඩ් Moreton Bay හිදී සැහැල්ලු ගුවන් යානයක් මුහුදට කඩා වැටීමෙන් පුද්ගලයන් 04 දෙනෙකු මියගොස් තිබේ.

සුදුසුකම් ලත් ගුවන් නියමුවෙකු – පියෙකු හා ඔහුගේ දරුවන් දෙදෙනායි මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ.

යානය ගුවන් ගතවී විනාඩි කිහිපයකින් කඩා වැටුණු බව සඳහන්.

වෙරළාරක්ෂක බළකාය සහ පොලිසිය එක්ව බේරා ගැනීම් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇතත් කිසිවෙකුගේ දිවි ගලවා ගැනීමට හැකි වී නැහැ.

මේ අතර ගුවන් යානය ගොඩට ගැනීම සඳහා විශේෂ කණ්ඩායමක් හෙට දිනයේදී කැන්බරා සිට බ්‍රිස්බන් දක්වා පැමිණීමට නියමිතව තිබෙනවා.

https://www.9news.com.au/national/plane-crash-water-redcliffe-queensland/2f3d7edf-1e79-4241-83c1-c12336593b59

PIC – 9NEWS