
ටස්මේනියා හි Hillcrest ප්‍රාථමික පාසලේ සිදුවූ ඛේදවාචකයෙන් තුවාල ලබා අසාධ්‍යය තත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් දරුවෙකු මියගොස් තිබෙනවා.
මේ අනුව පසුගිය බ්‍රහස්පතින්දා සිදුවූ අනතුරේ මරණ සංඛ්‍යාව 06 දක්වා ඉහළ යනු ඇති.
අද දහවල් මෙලෙස මියගොස් ඇත්තේ 11 හැවිරිදි පිරිමි ළමයෙකුයි.

රෝහලේ තවත් ළමුන් දෙදෙනෙකු අසාධ්‍ය තත්වයෙන් Royal Hobart රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.
ළමුන් 09 දෙනෙකු අනතුරට මුහුණ දුන් අතර එක් අයෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබුණා.
