
වික්ටෝරියා ප්‍රාන්තයේ මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නව රැකියා 350 ක් සඳහා අනුමැතිය ලැබී තිබෙනවා.
ඒ සඳහා ප්‍රාන්ත රජය විසින් අනුමැතිය ලැබී ඇති බවයි වැඩ බලන අගමැති ජේම්ස් මර්ලීනෝ සඳහන් කලේ.
වික්ටෝරියා ප්‍රාන්ත වාසීන්ගේ මානසික සෞඛ්‍ය මට්ටම නගා සිටුවීම සඳහා පසුගියදා ප්‍රකාශයට පත් කල රාජකීය කොමිෂන් වාර්තාවේ එක් නිර්දේශයක් ලෙසයි මෙම බඳවා ගැනීම් සිදුකිරීමට නියමිතව ඇත්තේ.

2024 වසර දක්වා ප්‍රාන්තය තුළ මානසික සෞඛ්‍ය නගා සිටුවීමේ පුලුල් වැඩසටහන් මාලාවක්ද ක්‍රියාත්මකයි.
වැඩ බලන අගමැති ජේම්ස් මර්ලීනෝ වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ගෙන් ඉල්ලා සිටින්නේ මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියා සඳහා හැකිතාක් යොමුවන ලෙසයි.
