ඔස්ටේ්‍රලියා ක්‍රිකට් කණ්ඩායම තුළ කොවිඩ් අවධානමක්

එංගලන්තයට එරෙහිව අද ඇඩිලේඩ් හිදී ආරම්භ වන අලුබඳුන 02 වන ටෙස්ට් තරගයට ඔස්ටේ්‍රලියා නායක පැට් කමින්ස් සහභාගී නොවනු ඇති බවට මත පලවනවා.

ඔහු කොවිඩ් ආසාධිතයෙකුගේ ආශ්‍රිතයෙකු බවට පත්ව සිටීම ඊට හේතුවයි.

ඊයේ පස්වරුවේ පැට් කමින්ස් සහ තවත් ක්‍රීඩකයෙකු ඇඩිලේඩ් නුවර අවන්හලකදී ආහාර ගෙන ඇති අතර යාබද මේසයේ සිටි තැනැත්තා කොවිඩ් ආසාධිතයෙකු ලෙස පසුව හඳුනාගෙන තිබෙනවා.

කිසියම් අයුරකින් පැට් කමින්ස් 02 වන තරගයට ක්‍රීඩා නොකලහොත් කණ්ඩායමේ නායකත්වය නිත්‍ය උප නායක ස්ටීව් ස්මිත්ට හිමිවනු ඇති බව සඳහන්.

කෙසේවෙතත් එය මේ දක්වා නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ.

https://wwos.nine.com.au/cricket/ashes-2021-pat-cummins-in-doubt-for-second-test-covid-close-contact/7ed1db73-3f74-4d0c-9780-dd5d1cab3298

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »