ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරණ උපදේශක ලෙස මහේල පත් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරණ උපදේශක ලෙස හිටපු නායක මහේල ජයවර්ධන පත් කර තිබෙනවා.

ලබන ජනවාරි පළමුවනදා සිට එය බල පැවැත්වෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කලේ.

වසරක කාලයක් සඳහා මෙම පත් කිරීම බලාත්මකයි.

ජාතික කණ්ඩායමේ සියලුම කටයුතු සඳහා මෙන්ම ක්‍රිකට් අධි දක්ෂතා මධ්‍යස්ථානයේ කටයුතු සඳහා උපදේශකත්වය සැපයීම මහේල ජයවර්ධනට පවරා තිබෙනවා.

නව තනතුර දැරුවද ලබන වසරේ පැවැත්වෙන අවුරුදු 19 න් පහළ ලෝක කුසලානය වෙනුවෙන් 19 න් පහළ කණ්ඩායම පුහුණුකිරීමේ වගකීමද ඔහුට පැවරී ඇති බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කලේ.

මෙල්බර්න් ඇතුලු නගරවල පොදු නිවාස සංකීර්ණ කඩා දැමීමේ සැලසුමක්

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ඇතුලු විශාලතම නගරවල පිහිටි පොදු නිවාස සංකීර්ණ 44ක් කඩා දැමීමේ සැලසුමක් පවතින බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

Read More »

ටයිටැනික් නැවේ ගිය ධනවත්ම පුද්ගලයාගේ ඔරලෝසුවක් වාර්තාගත මිලකට වෙන්දේසි වෙයි

සුප්‍රකට ටයිටැනික් නෞකාවේ ගමන් කළ ධනවත්ම මගියාට අයත් ඔරලෝසුවක් සහ නැවේ බෑන්ඩ්මාස්ටර්ට අයත් වයලීන් බෑගයක් එංගලන්තයේ ප්‍රසිද්ධ වෙන්දේසියකදී අලෙවි කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට නියම කර ඇති ආදායම් ඉලක්ක සපුරාලීම සඳහා වාහන ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

Read More »