ගිය වසරේදී ලොව වැඩිම මත්පැන් භාවිතය ඔස්ටේ්‍රලියාවෙන්

ප්‍රතිශතයක් ලෙස ගත් විට පසුගිය වසරේදී ලොව පුරා වැඩිම මත්පැන් ප්‍රමාණයක් භාවිත කර ඇත්තේ ඔස්ටේ‍රලියානුවන් බව නවතම අධ්‍යයනයක් අනාවරණය කරනවා.

දීර්ඝ කාලයක් රට ලොක්ඩවුන් කර තිබීම හමුවේ වැඩි පිරිසක් නිවාසවලට වී සිටීම ඊට හේතුව බවයි අද නිකුත් වූ ගෝලීය මත්ද්‍රව්‍ය සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ.

රටවල් 22 ක පුද්ගලයන් 32,000 කට වැඩි පිරිසක් යොදා ගනිමින් මෙම සමීක්ෂණය සිදුකර තිබුණා.

එමගින් හෙළිවී ඇත්තේ වසරකදී එක් ඔස්ටේ‍රලියානුවෙකු පමණ ඉක්මවා බීමත්ව සිටින අවස්ථා සංඛ්‍යාවේ සාමාන්‍යය 27 ක් වන බවයි.

එහෙත් ගෝලීයව සැළකිමේදී එය සටහන් වන්නේ 15 ක් ලෙසයි.

මෙම සමීක්ෂණයට අනුව දෙවන සහ 03 වන ස්ථානවලට පත්ව තිබුණේ ඩෙන්මාර්කය සහ ස්වීඩනයයි.

https://www.9news.com.au/national/australians-got-drunk-more-than-any-other-country-in-the-world-in-2020/d2f78682-7013-4b9d-b1b8-30c04c03ce8e

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »