ඔස්ටේ‍රලියානුවන් ලක්ෂ 04 කගේ ක්‍රෙඩිට් කාඩ් පත් දත්ත සොරා ගනී

ඔස්ටේ‍රලියානුවන් ලක්ෂ 04 කගේ පමණ ක්‍රෙඩිට් කාඩ් පත් දත්ත සොරාගැනීමේ සිදුවීමක් පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

රටවල් 140 ක පරිශීලකයන් ලක්ෂ 50 කට ආසන්න පිරිසකගේ තොරතුරු මෙලෙස සොරාගෙන ඇතැයි සඳහන්.

එහිදී වැඩිම බලපෑමකට ලක්ව ඇත්තේ අමෙරිකාව වන අතර එරට පුද්ගලයන් 15 ලක්ෂ 60 දහසකට වැඩි පිරිසකගේ ක්‍රෙඩිට් කාඩ් තොරතුරු සොරා ගෙන ඇති බවටයි හඳුනාගෙන ඇත්තේ.

දෙවන ස්ථානයට පත්ව ඇත්තේ ඔස්ටේ‍රලියාවයි.

වීසා – මාස්ටර් කාඩ් – ඇමරිකන් එක්ස්ප්‍රස් යන සමාගම්වලට අයත් කාඩ්පත් දත්ත මෙලෙස සොරාගෙන ඇති බවයි අන්තර්ජාල වාර්තා කියාසිටියේ.

මේ අතර මෑතකදී නිකුත් වූ වාර්තාවක දැක්වුණේ ක්‍රෙඩිට් කාඩ් පත් දත්ත සොරාගැනීම් සිදුවිය හැකි රටවල් අතර ඔස්ටේ‍රලියාව දෙවන ස්ථානයේ පසුවන අතර හොංකොං පළමු ස්ථානයේ පසුවන බවයි.

https://7news.com.au/technology/nordvpn-discovers-australian-visa-mastercard-and-american-express-cards-on-the-dark-web-c-4743469

මොල්බන් ඇවිත් නිවාස සොරකමේ ගිය අයර්ලන්ත ජාතිකයින් තිදෙනා අත්අඩංගුවට

මෙල්බර්න් නගරය ආශ්‍රිත සිදුවූ සොරකම් 60 කට අදාළව අයර්ලන්ත ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

Read More »

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »