NSW නිරෝධායන දඩ මුදල් දෙගුණ කරයි

Omicron කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ 6 වන ආසදිතයාද නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් සොයාගෙන තිබේ.

පසුගිය සතියේ සිඩ්නි නුවරට පැමිණි අදාළ ගුවන් යානයේම මෙම පුද්ගලයා පැමිණ ඇත.

ඔහු 40 වන වියෙහි පසුවන බව සඳහන්.

නිරෝධායන හෝ කොවිඩ් පරීක්ෂණ අවශ්‍යතාවලට අනුකූල වීමට අපොහොසත් වන අය සඳහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය සිය දඩ මුදල ඩොලර් 1000 සිට ඩොලර් 5000 දක්වා වැඩි කර ඇත.

අදාළ නීති උල්ලංඝනය කරන ආයතන සඳහා දඩ මුදල ඩොලර් 10,000 දක්වා දෙගුණ කර ඇත.

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 251 ක් හමුවී ඇත.

මාධ්‍යයට හෙළි නොවූ සිඩ්නි අවට පිහි ඇනුම් ගැන තොරතුරු එළියට

ගතවූ සතියක කාලයක් තුල සිඩ්නි අවට ප්‍රදේශ කිහිපයකදී පිහි ඇනුම් 5කින් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »

විශ්‍රාම යන ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන්

විශ්‍රාම යෑමේදී මිලියන 4කට අධික ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »

අනාගතය වෙනුවෙන් සුපරීක්ෂාකාරී වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානුවන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් මුදල් එක් රැස් කෙරෙන සුපර්ඇනුඒෂන් (superannuation) අරමුදල් වංචාවන් වැඩිවෙමින් පවතින බැවින් දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

Read More »