විදේශයන් සිට වික්ටෝරියා එන අයට නැවත වරක් දින 14 ක නිරෝධායන කාලසීමාවක් ??

Guangzhou Flight Arrives In Perth As Australia Issues Entry Restrictions On Foreign Nationals AIR PORT

විදේශයන් හි සිට පැමිණෙන සියල්ලන්ට නැවත වරක් දින 14 ක නිරෝධායන කාලසීමාවක් පැණවීම කෙරෙහි වික්ටෝරියා ප්‍රාන්ත බළධාරින්ගේ අවධානය යොමුවී තිබෙනවා.

ඒ දරුණු කොවිඩ් ප්‍රභේදයක් වන ඔමික්‍රොන් ආසාධිතයන් දෙදෙනෙකු සිඩ්නි නුවරින් හඳුනාගැනීමත් සමගයි.

මේ වනවිට නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා සහ ACT හි නිරෝධායන කාල සීමාව පැය 72 කට පමණක් සීමා කර තිබෙනවා.

එහෙත් නැවතත් මුව ආවරණ භාවිතය අනිවාර්ය කිරීමට සහ නිරෝධායන කාල සීමාව දින 14 ක් කිරීම කෙරෙහි වික්ටෝරියා බළධාරීන් අවධානය යොමු කර ඇති බව සඳහන්.

දකුණු අප්‍රිකාවේ සිට කටාර් හරහා සිඩ්නි පැමිණි අප්‍රිකා මහද්වීපයේ 14 දෙනෙකු අතුරින් 02 දෙනෙකුයි මෙලෙස නව වෛරස් ප්‍රභේදය ආසාධිත බවට තහවුරු කරගත්තේ.

එමෙන්ම නිවු සවුත් වේල්ස් සිට වික්ටෝරියා පැමිණි අයෙකුගේ රෝගී තත්වයද සැක සහිත බව ප්‍රාන්ත සෞඛ්‍ය අංශ සඳහන් කලා.

https://www.theage.com.au/politics/victoria/victoria-mulls-extending-quarantine-for-all-international-travellers-as-first-omicron-cases-emerge-20211128-p59cus.html?utm_medium=Social&utm_source=Facebook&fbclid=IwAR1ibiSnIsS_P14AuxmwowxRkM4Rl4LIzaHjbECWdIYKCGoPsAGEnnCcwoo#Echobox=1638088645

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »