Day: November 28, 2021

Guangzhou Flight Arrives In Perth As Australia Issues Entry Restrictions On Foreign Nationals AIR PORT

විදේශයන් සිට වික්ටෝරියා එන අයට නැවත වරක් දින 14 ක නිරෝධායන කාලසීමාවක් ??

විදේශයන් හි සිට පැමිණෙන සියල්ලන්ට නැවත වරක් දින 14 ක නිරෝධායන කාලසීමාවක් පැණවීම කෙරෙහි වික්ටෝරියා ප්‍රාන්ත බළධාරින්ගේ අවධානය යොමුවී තිබෙනවා. ඒ දරුණු කොවිඩ් ප්‍රභේදයක් වන ඔමික්‍රොන් ආසාධිතයන් දෙදෙනෙකු සිඩ්නි නුවරින් හඳුනාගැනීමත් සමගයි. මේ වනවිට නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා සහ ACT හි නිරෝධායන කාල සීමාව පැය 72 කට පමණක් සීමා කර තිබෙනවා. එහෙත් නැවතත් මුව ආවරණ භාවිතය අනිවාර්ය කිරීමට සහ නිරෝධායන කාල සීමාව දින 14 ක් කිරීම කෙරෙහි වික්ටෝරියා බළධාරීන් අවධානය යොමු කර ඇති බව

Read More »

ඔමික්‍රොන් හමුවේ මෙල්බන් හිදී පැවැත්වීමට නියමිත ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලිය වැට උඩ

ඔමික්‍රොන් නව කොවිඩ් ප්‍රභේදය හමුවේ ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලිය පැවැත්වීමද අවිනිශ්චිත තත්වයකට පත්වී තිබෙනවා. එය ආරම්භවීමට නියමිතව ඇත්තේ ලබන ජනවාරි 17 වනදායි. ලොව පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගීවීමට නියමිත බැවින් තරගාවලිය නිසි පරිදි පවත්වන්නේද කල් දමන්නේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි ප්‍රධානී සඳහන් කලේ. මෙල්බන් නුවර පැවැත්වෙන ඔස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලිය පිළිබඳ අවසන් තීන්දුවක් ඉදිරි සති 02 තුළදී ගැනීමටයි නියමිතව ඇත්තේ. දරුණු නව කොවිඩ් ප්‍රභේදය වන ඔමික්‍රොන් ආසාධිතයන් දෙදෙනෙකු ඔස්ටේ්‍රලියාවෙන් වාර්තා වී තිබෙනවා.

Read More »
breaking

BREAKING: දරුණු නව කොවිඩ් ප්‍රභේදය ආසාධිතයන් දෙදෙනෙකු ඔස්ටේ්‍රලියාවෙන්

දරුණු නව කොවිඩ් ප්‍රභේදය වන ඔමික්‍රොන් ආසාධිතයන් දෙදෙනෙකු ඔස්ටේ්‍රලියාවෙන් වාර්තා වී තිබෙනවා. ඔවුන් දෙදෙනාම ඊයේ දකුණු අප්‍රිකාවේ සිට සිඩ්නි දක්වා පැමිණ තිබුණා. රටට පැමිණීමේදී සිදුකල කොවිඩ් පරීක්ෂණවලදී මොවුන් දෙදෙනා වෛරස ආසාධිතයන් බවට හඳුනාගෙන ඇති අතර මේ වනවිට විශේෂ ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව සඳහන්. මෙම ආසාධිතයන් දෙදෙනාම පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් බවටයි හඳුනාගෙන ඇත්තේ. දකුණු අප්‍රිකාවේ සිට කටාර් හරහා සිඩ්නි පැමිණි මගීන් 14 දෙනෙකු අතුරින් සිදුකල කොවිඩ් පරීක්ෂණවලදී මෙම ආසාධිතයන් දෙදෙනා හඳුනාගෙන තිබෙනවා. සෙසු මගීන්

Read More »

සමාජ මාධ්‍යයේ වෙස් මුහුණු බඳින්න බැරිවෙන අලුත් පණතක් ඔස්ටේ්‍රලියාවෙන්

අනන්‍යතාවය හෙළි නොකරන සමාජ මාධ්‍ය පරිශීලකයන් (anonymous users) ගේ අනන්‍යතාවය හෙළි කිරීමට සමාජ මාධ්‍ය වෙත බලපෑම් කල හැකි නව පණතක් සම්මත කර ගැනීමට ඔස්ටේ්‍රලියාව සූදානම් වනවා. මේ අනුව අපහාස නඩු පැවරිමකදී සමාජ මාධ්‍ය සමාගම්වලට අදාළ තොරතුරු ලබාදීම බලකිරීමේ නියෝග අධිකරණ හරහා නිකුත් කිරීමේ බලතල පැවරෙනු ඇති. එමෙන්ම පරිශීලකයන් පළ කරන දෑ හි සියලු වගකීම් සමාජ මාධ්‍ය ජාල වෙත පැවරීමද මෙමගින් සිදුවනවා. නව නීතියේ දළ කෙටුම්පත මෙම සතියේදී නිකුත් කෙරෙන අතර ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන

Read More »