සමාජ මාධ්‍යයේ වෙස් මුහුණු බඳින්න බැරිවෙන අලුත් පණතක් ඔස්ටේ්‍රලියාවෙන්

අනන්‍යතාවය හෙළි නොකරන සමාජ මාධ්‍ය පරිශීලකයන් (anonymous users) ගේ අනන්‍යතාවය හෙළි කිරීමට සමාජ මාධ්‍ය වෙත බලපෑම් කල හැකි නව පණතක් සම්මත කර ගැනීමට ඔස්ටේ්‍රලියාව සූදානම් වනවා.

මේ අනුව අපහාස නඩු පැවරිමකදී සමාජ මාධ්‍ය සමාගම්වලට අදාළ තොරතුරු ලබාදීම බලකිරීමේ නියෝග අධිකරණ හරහා නිකුත් කිරීමේ බලතල පැවරෙනු ඇති.

එමෙන්ම පරිශීලකයන් පළ කරන දෑ හි සියලු වගකීම් සමාජ මාධ්‍ය ජාල වෙත පැවරීමද මෙමගින් සිදුවනවා.

නව නීතියේ දළ කෙටුම්පත මෙම සතියේදී නිකුත් කෙරෙන අතර ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ඔස්ටේ්‍රලියා අගමැති ස්කොට් මොරිසන් සඳහන් කරනවා.

ඔහු අවධාරණය කරන්නේ සැබෑ ජීවිතය සහ සමාජ මාධ්‍ය ජීවිතය අතර ඇති පරතරය අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවයි.

කිසියම් අයෙකු සමාජ මාධ්‍ය හරහා අපහසුතාවයට පත් වන්නේ නම් ඒ පිළබිඳ පැමිණිලි කල හැකි නව ක්‍රමවේදයක්ද යෝජිත පණතට ඇතුළත්.

https://www.abc.net.au/news/2021-11-28/social-media-laws-online-trolls/100657004

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »