
දරුණු නව කොවිඩ් ප්‍රභේදය වන ඔමික්‍රොන් ආසාධිතයන් දෙදෙනෙකු ඔස්ටේ්‍රලියාවෙන් වාර්තා වී තිබෙනවා.
ඔවුන් දෙදෙනාම ඊයේ දකුණු අප්‍රිකාවේ සිට සිඩ්නි දක්වා පැමිණ තිබුණා.
රටට පැමිණීමේදී සිදුකල කොවිඩ් පරීක්ෂණවලදී මොවුන් දෙදෙනා වෛරස ආසාධිතයන් බවට හඳුනාගෙන ඇති අතර මේ වනවිට විශේෂ ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව සඳහන්.

මෙම ආසාධිතයන් දෙදෙනාම පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් බවටයි හඳුනාගෙන ඇත්තේ.
දකුණු අප්‍රිකාවේ සිට කටාර් හරහා සිඩ්නි පැමිණි මගීන් 14 දෙනෙකු අතුරින් සිදුකල කොවිඩ් පරීක්ෂණවලදී මෙම ආසාධිතයන් දෙදෙනා හඳුනාගෙන තිබෙනවා.

සෙසු මගීන් හුදකලා කර ඇති බවයි ඔස්ටේ්‍රලියානු සෞඛ්‍ය අංශ කියාසිටියේ.