
2024 වසරේදී ඔස්ටේ්‍රලියාව පුරා විදුලි පාරිභෝගිකයන්ගේ බිල්පත් ගාස්තුව ඩොලර් 77 කින් පමණ අඩු වනු ඇතැයි නවතම වාර්තාවක් හෙළිකරනවා.
පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතය ඉහළ යාම හමුවේ විදුලි නිෂ්පාදකයන්ට උත්පාදන පිරිවැය අඩුවීම ඊට හේතුවයි.
ඒ අනුව 2024 වසරේ ජූනි මාසය වනවිට විදුලි බිල්පත් ගාස්තු දැනට පවතින අගයන්ට සාපේක්ෂව සියයට 06 කින් පමණ අඩු වනු ඇති බවට අපේක්ෂිතයි.

එසේ වුවහොත් ඔස්ටේ්‍රලියාව තුළ විදුලි බිල් ගාස්තු 2017 වසරෙන් පසු සටහන් වන අඩුම අගයන්ට පත්වනු ඇති.
ඉදිරි වසර 03 තුළදී ඔස්ටේ්‍රලියාව තුළ ගල් අගුරු භාවිතයෙන් විදුලිය උත්පාදනය සැළකිය යුතු මට්ටමකින් අඩුවනු ඇති බවටද අපේක්ෂා කෙරෙනවා.
