Search

මෙවර ග්‍රීන් කාඩ් සඳහා ඡායාරූප ගැනීම සියයට 500 කින් ඉහළට

පෙර වසරවල් හා සැසදීමේදී මෙවර ඇමරිකානු ග්‍රීන් කාඩ් ලොතරැයිය සඳහා ඉල්ලුම් කිරීමට ජනතාව අතර දැඩි උනන්දුවක් පැවති බව කොළඹ දිස්ත්‍රික් වෘත්තීය ඡායාරූපශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.

ඔක්තෝම්බර් 6 වන දා ඒ සඳහා ඉල්ලුම් කිරීම ආරම්භ කෙරුණා.

එය අවසන් කෙරුණේ ඊයේ දිනයේදියි.

කොළඹ දිස්ත්‍රික් වෘත්තීය ඡායාරූපශාලා හිමියන්ගේ සංගමය කියා සිටියේ මෙම ලොතරැයියට ඉල්ලුම් කිරීම සඳහා ඡායාරූප ගැනීම පෙර වසරවලට සාපේක්ෂව මෙවර සියයට 500කින් පමණ ඉහළ ගොස් තිබූ බවයි.

මෙවරත් ග්‍රීන්කාඩ් ලොතරැයිය සඳහා පුද්ගලයින් 55,000කට ඇමරිකාවට ඇතුළු වීම සඳහා වීසා නිකුත් කිරීමට එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

දින 8කට පසු ඔස්ට්‍රේලියානු $ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (16) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.

Read More »

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ට පිහි ඇනුමක්

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට NDTV පුවත් සේවය වාර්තා කරනවා.

Read More »