12 ශ්‍රේණියේ HSC විභාග අපේක්ෂකයන් සඳහා Face mask අනිවාර්යයි

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ පාසල්වල 12 වන ශ්‍රේණියේ සිසුන් සඳහා හෙට සිට ආරම්භ වන HSC විභාගයට පෙනී සිටීමේදී මුහුණු ආවරණ භාවිතය අනිවාර්ය කර තිබේ.

NSW Education Standards Authority (NESA) මෙන්ම ප්‍රාන්ත අගමැති Dominic Perrottet විසින්ද ඒ බව තහවුරු කර ඇත.

ප්‍රාන්තයේ එන්නත්කරණ ප්‍රතිශතය මේ වනවිට සියයට 90 කට ආසන්න වී ඇති බැවින් මුව ආවරණ භාවිතය අනිවාර්ය නොකරන ලෙස බොහෝ පිරිසක් ඉල්ලීම් කර තිබේ.

අද සිට ප්‍රාන්තයේ රෙගුලාසි සැළකිය යුතු මට්ටමකින් ලිහිල් කෙරුණද මුව ආවරණ භාවිතය තවමත් අනිවාර්ය මට්ටමකයි පවතින්නේ.

මේ අතර විදුහල්පතිවරුන් විශාල පිරිසක් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ වෙත දන්වා ඇත්තේ මුව ආවරණ පැළඳ විභාගයකට පෙනී සිටීම සිසුන්ට අසීරු විය හැකි බවයි.

ඇතැමුන්ට පැය 15 ක් වැනි දීර්ඝ කාලයක් මුව ආවරණ පැළඳ සිටීමට සිදුවනු ඇතැයිද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

SOURCE : https://www.9news.com.au/national/coronavirus-nsw-year-12-students-miffed-by-hsc-exam-mask-mandate/ded4126f-615f-48a3-9513-b9e6b44ee65f

ඔස්ට්‍රේලියාවෙන් නව බබල් ටී නිෂ්පාදනයක්

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් විසින් සාම්ප්‍රදායික බබල් ටී වෙනුවට ඕට්ස් මිශ්‍රිත සෞඛ්‍ය සම්පන්න බබල් ටී නිෂ්පාදනයක් හඳුන්වා දී තිබෙනවා.

Read More »

ලැව් ගින්නක් නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලි සැපයුම් සමාගමකට ඩොලර් මිලියන ගණනක දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති වූ ලැව්ගිනි තත්වයකට වගකිව යුතු බවට චෝදනා එල්ල වූ විදුලි සැපයුම් සමාගමක් වන පවර්කෝ (Powercor) වෙත ඩොලර් මිලියන 2.1ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »