නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ බූස්ටර් මාත්‍රාව ගැන විශේෂ දැනුම්දීමක්

PFIZER

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වයස අවුරුදු 18 හෝ ඊට වැඩි අය, තම කොවිඩ් එන්නතෙහි දෙවන මාත්‍රාව මාස හයකට පෙර ලබා ඇත්නම් ඔවුන්ගේ බූස්ටර් එන්නත් මාත්‍රාව (Pfizer එන්නත) ලබා ගන්නා ලෙසට NSW ප්‍රධාන වෛද්‍ය නිලධාරී Kerry Chant ඉල්ලා සිටී.

මාස හයකට පෙර Astra Zeneca එන්නත ගත් අයට පවා Pfizer booster ලබාගත හැකි බව වෛද්‍ය Kerry Chant පවසා සිටී.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (02) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 190 ක් වාර්තා වි තිබේ.

දැනට 309 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 68 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී.

ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 04 ක් වාර්තා වි තිබේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 582 කි.

පසුගිය පැය 24 තුළදී පරීක්ෂණ 114,303 ක් සිදු කර ඇත.

සිසුවියන්ට අසභ්‍ය වචන භාවිත කිරීමේ සිදුවීමක් මෙල්බන්හි තවත් පාසලකින් වාර්තා වෙයි

මෙල්බර්න් හි පාසැලක කාන්තා වැසිකිළියක් තුළ සිසුවියන් ඉලක්ක කර ගනිමින් අසභ්‍ය වචන යොදා සටහන් තැබූ සිද්ධියක් යළිත් වාර්තා වනවා.

Read More »

මුදල් නොමැති නිසා ඔස්ට්‍රේලියා තරුණ ප්‍රජාව කරන වැඩක් සමීක්ෂණයකින් හෙළිවෙයි

ඔස්ට්‍රේලියාවේ තරුණ පරම්පරාවේ සියයට 40ක් පමණ තවමත් දෙමාපියන් සමඟ ජීවත් වන බව නව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

Read More »