ක්ලියෝ ස්මිත් දැරිය සොයාගැනීමෙන් පසු පළමු ඡායාරූපය මෙන්න

දින 18 ක් පුරා අතුරුදන්ව සිට අද අලුයම සොයාගනු ලැබූ ක්ලියෝ ස්මිත් දැරිය සොයාගැනීමෙන් පසු පළමු ඡායාරූපය මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

ඇය මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

ක්ලියෝ ස්මිත් දැරියගේ සෞඛ්‍ය තත්වය යහපත් බව පොලිසිය සඳහන් කරයි.

දින 18 ක් අතුරුදන්ව සිටි ක්ලියෝ ස්මිත් දැරිය හමුවීමේ පුවත අද දිනයේදී ඔස්ටේ‍රලියාවේ ප්‍රධාන ප්‍රවෘත්තිය බවට පත්වී අවසන්.

ඇය හමුවීම සම්බන්ධයෙන් අගමැති ස්කොට් මොරිසන් ඇතුලු බොහෝ පිරිසක් සුභ පැතුම් පණිවිඩ නිකුත් කර තිඛෙනවා.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 36 හැවිරිදි සැකකරුගෙන් තවදුරටත් ප්‍රශ්න කෙරෙමින් පවතින බව බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේය.

PIC – Credit: WA Police

නීති විරෝධීව බෝට්ටුවෙන් පැමිණි පිරිසක් අනාරක්ෂිත වෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ යොන්ගාහි සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානය තවදුරටත් එම රැඳවුම් සඳහා සුදුසු නොවන බවට මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරනවා.

Read More »

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »