බීමත්ව රිය පැදවූ වික්ටෝරියා මන්ත්‍රී ඡායා කැබිනෙට්ටුවෙන් ඉල්ලා අස්වෙයි – AusLanka TV – Australian News for the Sri Lankan community

බීමත්ව රිය පැදවූ වික්ටෝරියා මන්ත්‍රී ඡායා කැබිනෙට්ටුවෙන් ඉල්ලා අස්වෙයි

බීමත්ව රිය පැදවූ වික්ටෝරියා මන්ත්‍රී ඡායා කැබිනෙට්ටුවෙන් ඉල්ලා අස්වෙයි

වික්ටෝරියා පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ලිබරල් මන්ත්‍රී ටිම් ස්මිත් ඡායා කැබිනෙට්ටුවෙන් ( shadow cabinet) ඉල්ලා අස්වී තිබේ.

ඒ ඊයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයකින් පසු බීමත්ව රිය ධාවනයේ යෙදීමේ චෝදනාවක් හේතුවෙනුයි.

මන්ත්‍රීවරයා රිය අනතුරකට සම්බන්ධවීම හේතුවෙන් හිදී ඊයේ රාත්‍රී 09 ට පමණ පොලිසිය විසින් නතරකර තිබුණි.

එහිදී සිදුකල ඇල්කොහොල් පරීක්ෂණයෙන් තහවුරු වී තිබුණේ Tim Smith මත්පැන් පානය කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් තමා වරද පිළිගන්නා බවයි නිවේදනයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කලේ.

 

PIC / SOURCE – 9NEWS