Search

T20 අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවට තවමත් අවස්ථාව

දකුණු අප්‍රිකාව සමග පැවති තරගයෙන් පරාජයට පත්වුවද, ICC T20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පුර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට තවමත් අවස්ථාව පවතිනවා.

එසේ සුදුසුකම් ලැබීමට නම් තමන්ට ඉදිරියේදී ක්‍රීඩා කිරිමට නියමිත තරග 02ක අනිවාර්යෙන් ජයග්‍රහණය කොට මුළු ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 06ක් ලෙස තබා ගැනීම අනිවාර්ය වේ.

ප්‍රසාද ලකුණු 06ක් ලබා ගනු ලැබුවද, දළ ලකුණු ලබා ගැනීමේ වේගය සලකා බැලීමෙන් තොරව අවසන් පුර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා පිලට හැකිවන්නේ කෙසේ ද ?

– එංගලන්ත කණ්ඩායම, දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තරයේදී අනිවාර්ය ජය ගත යුතුය. කෙසේ වුවත් එංගලන්තය, ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගයේදී පරාජයට පත්විය යුතුය.

– බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග දෙක ඕස්ට්‍රේලියාව අනිවාර්යෙන් පරාජයට පත්විය යුතුය.

– බංග්ලාදේශය සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග දෙක දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජයට පත්විය යුතුය.

– ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තරග දෙක බංග්ලාදේශ කණ්ඩායම අනිවාර්යෙන් ජය ලැබිය යුතුය.

– ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජය ලැබිය යුතු අතර ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගයේදී කොදෙව්වන් පරාජයට පත්විය යුතුය.

මේ ඉහත සඳහන් කරුණු සියල්ල සිදුවුවහොත් දළ ලකුණු ලබා ගැනීමේ වේගය සැලකිල්ලට නොගෙනම ශ්‍රී ලංකාවට අවසන් පුර්ව වටයට පැමිණීමට හැකිය.

කෙසේ වුවත් ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පුර්ව වටයට පිවිසීමට තවත් අවස්ථා කිහිපයක් තිබෙන අතර, ඒ සියල්ලේදී දළ ලකුණු ලබා ගැනීමේ වේගය සැලකිල්ලට ගැනීමට සිදුවේ.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »