පස්වරු 06 සිට මෙල්බර්න් වෙළඳසැල් විවෘත කිරීමට අවසර ඇතත් විදුලිය නොමැතිව ගැටලු රැසක්

අද පස්වරු 06 සිට ලිහිල් වන රෙගුලාසි අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ සිල්ලර අලෙවි සැල් රැසක් විවෘත කෙරුණද අයහපත් කාළගුණ හමුවේ ප්‍රදේශ ගණනාවක විදුලිය විසන්ධිවීම හමුවේ වෙළඳසැල් හිමියන් දැඩි ගැටලුවකට මුහුණ දී සිටී.

මේ වනවිට ප්‍රාන්තයේ නිවාස ලක්ෂ 05 කට පමණ විදුලිය ඇණ හිට ඇති බව සඳහන්.

අඩාල වූ විදුලි බලය යථා තත්වයට පත් කිරීම සඳහා ලබන සඳුදා පමණ වනු ඇති බවටද අනතුරු ඇගවීමක් සිදු කෙරේ.

අද පස්වරු 6 සිට වික්ටෝරියා ප්‍රාන්තයට පනවා ඇති කොවිඩ් නීති තවත් ලිහිල් කෙරේ.

මාස කිහිපයකට පසුව අත්‍යවශ්‍ය නොවන සිල්ලර වෙළෙඳ සැල් ඒ අනුව විවෘත කිරීමට හැකිවේ.

ඊට අමතරව මෙල්බර්න් සහ වික්ටෝරියා ප්‍රාදේශීය කලාප අතර සංචරණයට පනවා තිබෙන වාරණයද අද පස්වරු 6 න් පසුව අහෝසි කෙරේ.

එළිමහන් ස්ථානවල මුව ආවරණ පැළඳීම අනිවාර්ය නොවන නමුත් ගෘහස්ථ ස්ථානවල පැළඳීම තවදුරටත් අනිවාර්ය වේ.

හතු ආහාරයට ගන්න සොයන ඔස්ට්‍රේලියානුවන්ට සෞඛ්‍ය අංශවලින් උපදෙසක්

හතු හට ගැනීමේ සමය ආරම්භ වීමත් සමග විවිධ හතු වර්ග ආහාරයට ගැනීමේදී සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවට දැනුම් දෙනවා.

Read More »

යුපුන් අබේකෝන් ඉතාලියේදී ශ්‍රී ලංකාවේ නම බබළවයි

ඉතාලියේ පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 100 Serie-1 තරග ඉසව්වෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක යුපුන් අබේකෝන් පළමු ස්ථානය ජයග්‍රහණය කර තිබෙනවා.

Read More »