
කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට , තත්පර 20 ක් තුළ ගුවන් තොටුපළෙන් පිටවීම සදහා , කඩදාසි හෝ වෙනත් උපකරණ භාවිතා කිරීමෙන් තොර , නව මාර්ගගත ක්‍රමවේදයක් දහවල් සිට හදුන්වා දීමට පියවර ගත්තේය .
ලෝකය පුරා කොරෝනා වසංගතය පැතිර යාමත් සමග ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට , එයින් පිටවීමේ දී ශ්‍රී ලංකා රේගුව සහ ආගමන – විගමන කාර්යාල තුළ රාජකාරී කර ගැනීමට අමතරව , සෞඛ්‍ය නිලධාරීන් හමුවේ සෞඛ්‍ය වාර්තා ප්‍රකාශ කිරීමට ද සිදු වී තිබුණි .
මේ සදහා මෙම ගුවන් මගීන් තවත් අමතර විනාඩි 02 ක පමණ කාළයක් වැය කිරීමට සිදු වී තිබුණි .

10/26 දින හදුන්වා දුන් නව මාර්ගගත ක්‍රමවේදය අනුව , එම කාළය තත්පර 20 දක්වා අඩු කර ගැනීමට හැකි වී තිබේ .
එහිදී ශ්‍රී ලංකාවට පැමිණීමට අදහස් කරන ගුවන් මගීන් , එම රටේ දී හෝ ගුවන් යානයේ දී හෝ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව www.airport.lk වෙබ් අඩවියේ පහත සබැඳිය https://www.airport.lk/health_declaration/index ඔස්සේ මෙම පද්ධතියට පිවිසීමෙන් හෝ ගුවන් තොටුපළ පැමිණීමේ පරිශ්‍රය තුළ ස්ථානගත කර ඇති කිව්.ආර්.කේත සදහන් පුවරු වෙත ගොස් තම තොරතුරු ඉදිරිපත් කළ හැකිය .

ඒ අනුව තම එන්නත් ලබා ගත් කාඩ්පත සහ ශ්‍රී ලංකාවට පැමිණීමට පැය 72 කට පෙර ලබා ගත් පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා මේ ක්‍රමය යටතේ මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කළ යුතු වේ .
මෙමගින් ගුවන් මගීන්ට පෝලිම් තුළ රස්තියාදු වීමට , කඩදාසි පෝරම පිරවීමට හෝ වෙනත් උපකරණ භාවිතා කරමින් තොරතුරු සම්ප්‍රේෂණය කිරීමට අවශ්‍ය නොවේ .
මෙම නව ක්‍රමය මගීන් තත්පර 20 ක් වැනි කෙටි කාළයක් තුළ , කොරෝනා වසංගතය පිළිබඳව අවදානම ද අවම කර ගනිමින් , ගුවන් මගීන්ට ගුවන් තොටුපළෙන් පිටතට යා හැකිය .
එමෙන්ම ගුවන් තොටුපළෙන් පිටවීමේ දී හමුවන ආරක්ෂක නිලධාරීන්ට ද , මෙම ක්‍රමවේදය ඔස්සේම මෙම කරුණු ඉදිරිපත් කර , මෙම ගුවන් මගීන්ට කඩිනමින් ගුවන් තොටුපළෙන් පිටතට යා හැකි වේ .