
මෙල්බර්න් නගරයට පණවා තිබු ලොක්ඩවුන් තත්වයෙන් පසු ව්‍යාපාරික ස්ථාන නැවත විවෘත කෙරුණද රැකියා පුරප්පාඩු සඳහා අයදුම් කර ඇත්තේ ඉතා සුලු පිරිසක් බව හෙළිවෙයි.
අවන්හල් – Pubs – සිල්ලර අලෙවි සැල් – කාර්යාල ඇතුලු ක්ෂේත්‍ර රැසක පුරප්පාඩු මේ අනුව තවමත් ඉතිරිව පවතින බව සඳහන්.
Seek වෙබ් අඩවියට අනුව hospitality රැකියා සඳහා පළකර ඇති දැන්වීම් සියයට 204 කින් වැඩිවී තිබේ.

සිල්ලර අලෙවි සැල් සඳහා වන රැකියා දැන්වීම් සියයට 48 කින් ද real estateරැකියා සඳහා සියයට 40 කින්ද නිෂ්පාදන රැකියා සඳහා සියයට 33 කින්ද යනාදී වශයෙන් දැන්විම් පළකිරීම් ඉහළ ගොස් ඇත.
McDonalds විසින් රැකියා පුරප්පාඩු 11,000 ක් සඳහා දැන්වීම් පළකර ඇතත් ලැබී ඇත්තේ අඩු ප්‍රතිචාරයකි.
