Search

මෙල්බර්න් දේශපාලන රැකවරණ පතන්නන් පිරිසකට නිසි පහසුකම් නොදෙන බවට චෝදනා

මෙල්බර්න් හෝටලයක රඳවනු ලැබ සිටින සරණාගත සහ දේශපාලන රැකවරණ පතන්නන් 40 කට වැඩි පිරිසකට නිසි පහසුකම් නොදෙන බවට ෆෙඩරල් රජයට චෝදනා එල්ලවෙයි.

මෙල්බර්න් Park Hotel හි රඳවා සිටින 46 දෙනකු අතුරින් 20 දෙනෙකු මේ වනවිටත් කොවිඩ් ආසාධිතයන් බවට හඳුනාගෙන තිබේ.

Asylum Seeker Resource Centre ට අනුව මෙම පුද්ගලයන්ට සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමට දැඩි දුෂ්කරතා මතුව ඇති බව සඳහන්.

ඇතැම්විට හෙදියකගේ සේවාව ලබාගැනීමට පැය 05 කට වැඩි කාලයක් බලා සිටීමට සිදුවන බවටද වාර්තා පවතී.

එමෙන්ම අදාළ ස්ථානයේ වාතාශ්‍රය නිසි පරිදි නොලැඛෙන බවටද රැඳවුවන් චෝදනා කර සිටී.

source : https://www.9news.com.au/national/victoria-covid-19-coronavirus-refugees-and-asylum-seekers-with-covid-19-being-held-at-melbourne-park-hotel-allegedly-receiving-lack-of-care/c6614b49-61da-4a4c-bb80-6f9517881872