මහීෂ් තීක්ෂණ ට සුපිරි වටයේ පළමු තරගය අහිමි විය හැකි බවට වාර්තා

ශ්‍රී ලංකා ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ට විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි වටයේ පළමු තරගය අහිමි විය හැකි බවට වාර්තා පළවනවා.

ඒ, ඊයේ නෙදර්ලන්ත කණ්ඩායම සමග පැවති තරගය අතරතුරදී ඔහු මාංශපේශී ආබාධයකට ලක්වීම හේතුවෙනුයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු සුපිරි වටයේ තරගය හෙට බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙනවා.

ඊයේ තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ ක්‍රීඩක භානුක රාජපක්ෂ කියා සිටියේ මහීෂ් තීක්ෂණට මතුවී ඇති ආබාධය අනුව බොහෝ දුරට හෙට තරගයේදී ඔහු විවේක ගැන්වෙනු ඇති බවයි.

මහීෂ් තීක්ශන ලෝක කුසලාන තරගාවලියේ මේ දක්වා පැවැති තරග 3 දී කඩුලූ 8 ක් බිඳ හෙළීමට සමත්ව තිබෙනවා.

සැත්කමකින් පසු මෙල්බන් කාන්තාවක් මියගිය සිද්ධියට තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගබ්සාවකින් පසු මෙල්බර්න් කාන්තාවක් වන හර්ජිත් කෞර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අනුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »